අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි බිල වැඩි කරන්න දෙන්නේ නැතිනම් අඳුරේ ඉන්නට හුරු වෙන්න… විදුලිබල ඇමති

by editor
දෙසැම්බර් 27, 2022
in පුවත්
power
Share on FacebookShare on Twitter

විදුලි බිල වැඩි නොකරන්නේ නම් නොයන්නේ නම් තවත් විකල්පයක් ඇති බවත් ඒ පැය කීපයක්  අඳුරට හුරු වීම බවත් අද විදුලි බල හා බලශක්ති ඇමති කාංචන විජේසේකර මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.

දැනට විදුලිබල මණ්ඩලය විසින් ගණනය කර ඇති ඒකකය උත්පාදන වියදම 48.42ක් බවට පත්වනු ඇතැයි උපකල්පනය කරන බවත් පසුගිය අගොස්තුවේ මහජන උපයෝගීතා කොමිසමෙන් ලබා දුන් මිල සංශෝධනය වූයේ රුපියල් 29.14ක් බවත් ඇමතිවරයා කීවේය.

ඒ මිල ගණන් යටතේ සිදුවන රුපියල් බිලිය 278ක පාඩුව මගහරවා ගෙන අඛණ්ඩ විදුලි සැපයුමක්  ලබා දීම    ජනවාරි දෙවැනිදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන මිල සංශෝධනයේ පරමාර්ථය බව කී ඇත්වරයා ඊට ඉඩ දිය නොහැකි නම් පැය කීපයක් අඳුරේ ඉන්නට ජනතාවට යෝජනා කළේය.

ඇමතිවරයා පැවසුවේ මෙසේය.

“මේක මම පෞද්ගලිකවත්, ජනාධිපතිවරයා පෞද්ගලිකවත් එහෙම නැත්නම් කැබිනට් මණ්ඩලය පෞද්ගලිකවත්, දේශපාලන වශයෙන්වත් හිතලා ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා තනියමවත් සභාපතිවරයා තනියමවත් එහෙම නැත්නම් කවුරු හරි එක ඉංජිනේරුවරයෙක් තනියම ගත්ත තීන්දුවක් නෙමෙයි. මේක පාලන පද්ධතියක් තියෙනවා.“

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන් ඉන්නවා විශාල ප්‍රමාණයක් ඔවුන් සැලකිල්ලට ගත්තා එළැඹෙන අවුරුද්දේ මම මුලිකව කිව්වා උපකල්පනය කරපු අවස්ථා 12ක් සංසන්ඳනය කරා. ඒ 12 උච්චතම අවස්ථාව තමා අපිට වැඩිම වශයෙන් වැඩිකරන්න වුණොත් රු 56.90ක උත්පාදන වියදමක් හැටියට ඒකකයක් කිව්වේ නියඟයක් ඇති වුණොත් කියලා. අපි ක්‍රම 12ක් කිව්වා. විදුලිබල මණ්ඩලය නැවත වතාවක් පරීක්ෂා කරලා ක්‍රම 12, 20කට පරිශීලනය කරලා තියෙනවා.

මේ 20 තුළ ඔවුන් විශේෂයෙන්ම විදුලිබල මණ්ඩලයේ පරිභෝජනය ගැන තියෙන දත්ත, ආර්ථික වශයෙන් තියෙන දත්ත පරිශීලනය කිරීමෙන් පසුව මෙය සුදුසුම ක්‍රමවේදය කියලා යෝජනා කළා. ඒ අනුව ජනවාරි 2 වනදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න මේ ක්‍රමවේද 20 ඇතුළේ අඛණ්ඩව විදුලිය ලබාදීම වෙනුවෙන්, විශේෂයෙන්ම ජල විදුලියෙන් ඔවුන් බලාපොරොත්තු වෙනවා 27%ක ප්‍රමාණයක් උත්පාදනය කරන්න පුළුවන් කියලා සම්පූර්ණ අවශ්‍යතාවයනේ, 28%ක් ගල්අඟුරුවලින් උත්පාදනය කරන්න පුළුවන් කියලා උපකල්පනය කරලා තියෙනවා. ඒ වගේම විදුලිබල මණ්ඩලය සතු ඩීසල් සහ දැවිතෙල් බලාගාරවලින් 13%ක්, විදුලිබල මණ්ඩලය සතු සුළං බලාගාරයෙන් 2%ක්, අනෙකුත් පෞද්ගලික ඩීසල් බලාගාර හා දැවිතෙල් බලාගාරවලින් 12%ක්, ඒ වගේම පුනර්ජනනීය බලශක්තිවලින් 13%ක් හා වහළය මත සවිකළ සූර්ය පැනල මගින් 4%ක්. ඒ අනුව ඔවුන් ගණනය කරලා තියෙනවා වියදම පමණක් ඒකකයක් 48.42ක් බවට පත්වෙයි කියලා උපකල්පනය කරනවා.

එහෙම වුණොත් පසුගිය අගෝස්තු මාසයේ මහජන උපයෝගීතා කොමිසමෙන් ලබාදුන්න මිල සංශෝධනය තුළ ලැබෙන්නේ රු 29.14යි ඒකකයකට. ඒ අනුව ගණනය කරලා තියෙනවා රුපියල් බිලියන 278කට ආසන්න මුදලක් හිඟතාවයක් පවතිනවා කියලා. ඒ මුදල පියවා ගැනීම වෙනුවෙන් පමණයි මේ ගාස්තු සංශෝධනය සිදුකරන්නේ.

මේක නොකර ඉන්න පුළුවන්කමකුත් තියෙනවා. එහෙම නම් අපිට පුරුදු වෙන්න වෙනවා පැය කිහිපයක විදුලි කප්පාදුවක් එක්ක අපේ ජන ජීවිතය හදාගන්න.

මොකද දිගින් දිගටම ජනතාව ඉල්ලුවේ අඛණ්ඩව විදුලිය ලබාදෙන ක්‍රමවේදයකට යන්න කියලා. එහෙම යනවා නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන විදුලි බලාගාර පාවිච්චි කරනවා වගේම පෞද්ගලික විදුලිබලාගාරත් ලබාගන්න වෙනවා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇෆ්ගන් කාන්තාවන්ට රාජ්‍ය නොවන සංවිධාන වලට සේවය කිරීමට තහනම් වෙයි

Next Post

පින්නවල මයුරී හදිසියේ මිය යයි… ඉතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවුණ.ත් හදිසියේ බරපතල ලෙස රෝගී වෙලා!

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.