ඇෆ්ගනිස්ථානය තුල කාන්තාවන්ට රජ්‍ය නොවන සංවිධාන වල සේවය කිරීම තහනම් කිරීමට තලේබාන් සංවිධානය ගත් තීරණයට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය අප්‍රසාදය පළකර තිබේ.
එහිදී ජගත් සංවිධානය පෙන්වා දී ඇත්තේ තලේබාන් සංවිධානය විසින් ගන්නා ලද මෙම තීරණය මගින් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය වීමක් සිදුවන බවයි.
තලේබාන් සංවිධානය විසින් මෙම තීරණය ගැනීමට හේතුව ලෙස සඳහන් කර ඇත්තේ අදාල රාජ්‍ය නොවන සංවිධාන වල සේවය කරනු ලබන කාන්තාවන් ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන්ට අනිවාර්ය කර ඇති හිජාබය පැළදීමට සිදුනොකරීමයි.
ඇෆ්ගනිස්ථානය තුල කාන්තාවනට බලපෑම් වන අයුරින් මෙම තීරණය ගැනීමට දින කීපයකට පෙර තලේබාන් සංවිධානය විසින් එරට කාන්තාවන්ට විශ්ව විද්‍යාල තුල අධ්‍යාපනය ලැබීමද තහනම් කරනු ලැබීය.
එ් අනුව තලේබාන් සංවිධානයේ මෙම තීරණය සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයා දැඩි විවේචනයක් ඉදිරිපත් කළේ. එහිදී ඔහු පවසා සිටියේ ” මෙම තීරණය ඇෆ්ගන් ජනතාවට විනාශකාරී දෙයක්” යනුවෙනි.
මේ අතර තම පවුලේ මූලික වශයෙන්ම ආදායම් ඉපයීමේ නිරතව සිටින රාජ්‍ය නොවන සංවිධාන වලට සේවය කරනු ලබන කාන්තාවන් ප්‍රකාශ කර සිටියේ මෙය තම කුටුම්භයේ ආදායමට දැඩි බලපෑමක් එල්ල කරන බවයි.