බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැ.බ. පොලිස්පති විසින් මාරු කළ ස්ථානාධිපතිවරුන් 07ක ගේ මාරුවීම් අවලංගු කර පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට පොලිස්පතිට පැවරූ සීමිත බලය පොලිස් කොමිසම අවලංගු කරයි…

by editor
අප්‍රේල් 4, 2025
in පුවත්
Priyantha-Weerasooriya
Share on FacebookShare on Twitter

අත්‍යාවශ්‍ය පරිපාලන කරුණු මත පදනම්ව පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරු කිරීම සඳහා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දුන් බලය වහාම අවලංගු කිරීමට පොලිස් කොමිසම තීරණය කර ඇතැයි වාර්තා වේ.

එම බලය පාවිච්චි කරමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරු කළ බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් ස්ථානාධිපතිවරුන් 7 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් ද පොලිස් කොමිසම විසින් අවලංගු කර ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. පසුගිය දෙසැම්බර් 02 දා පොලිස් කොමිස රැස්වුන අවස්ථාවේ වැඩබලන පොලිස්පතිවරයා විසින් කරන ලද දීර්ඝ කරුණු දැක්වීමකින් අනතුරුව සහ දිගින් දිගටම ඔහු විසින් කරන ලද ඉල්ලීම් පිළිබදව සලකා බලා අත්‍යාවශ්‍ය අවස්ථාවල පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ ස්ථාන මාරුවීම් කිරීමේ බලය පොලිස්පතිවරයා වෙත පවරා තිබේ.

එම බලය භාවිතා කර වැඩ බලන පොලිස්පතිවරයා විසින් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව ස්ථාන මාරු කර ඇත. නැවත ඊයේ (03) පොලිස් කොමිසම රැස්වුන අවස්ථාවේ දී බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කිරීමට අදාල කරුණු සලකා බැලීමේ දී ඔහු වෙත කිසිදු චෝදනාවක් හෝ විනය විරෝධී ක්‍රියාවක් පිළිබඳ වාර්තා වී නැති ආකාරය නිරීක්ෂණය කර ඇත.

එමෙන්ම ඒ ආකාරයෙන් ස්ථාන මාරු කළ පොලිස් ස්ථානාධිපතිවරුන් 06 දෙනෙකුගේ ස්ථාන මාරුවීම් සම්බන්ධව ද පොලිස් කොමිස නිරීක්ෂණය කර ඇති අතර එම ස්ථාන මාරුකිරීම් පිළිබඳව ද සාධාරණ ප්‍රවේශයන් එම කොමිසම විසින් හඳුනාගෙන නැත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ඒ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ අනෙක් පොලිස් ස්ථානාධිපතිවරුන් හය දෙනාට ලබා දුන් ස්ථාන මාරු අවලංගු කර තිබේ.

එමෙන්ම පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස්පතිවරයාට පොලිස් ස්ථානාධිපතිවරුන් මාරු කිරීමට පැවරූ බලය ද පොලිස් කොමිසම විසින් අවලංගු කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අලුත් අවුරුදු සහන බඩු මල්ලට මැතිවරණ කොමිසමෙන් පොල්ලක්!

Next Post

ට්‍රම්ප්ගේ දේශපාලන වෙනුවෙන් මස්ක් ටෙස්ලා සමාගමත් සමගම වැළලෙයි ද?

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.