සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සහන මිලට ආහාර පැකේජයක් ලබාදීමට රජය ගත් තීරණය තාවකාලිකව අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයාට සහ වෙළෙඳ, වාණිජ ආහාර සුරක්ෂිත හා සමූපකාර සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම්දී ඇත්තේ එම ආහාර පැකේජය පළාත් පාලන ජන්ද විමසීමෙන් පසුව ලබාදීමට කටයුතු කරන ලෙසය.
මෙම ආහාර ද්‍රව්‍ය පැකේජය ලබා දීමට තීරණය වන්නේ මෙවර අයවැය යෝජනාවක් ලෙසය. ඒ අනුව අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂාවෙන් නව අයදුම්පත් ඉදිරිපත් කළ අට ලක්ෂ දොළොස් දහස් හත්සිය පනස් තුනක් අතරින් යෝග්‍ය ප්‍රතිලාභීන් සඳහා
රුපියල් 5,000ක් වටිනා අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇසුරුමක් රුපියල් 2,500ක සහන මිලකට ලබදීමට තීරණය වී තිබුණි.
මෙම කාලීන ආහාර පැකේජය සඳහා පසුගියදා කැබිනට අනුමැතිය හිමි වූ අතර, අප්‍රේල් 1වනදා සිට 13වනදා දක්වා ලංකා සතොස සහ කෝප් අලෙවිසැල් හරහා බෙදාහැරීමට සැලසුම් කර තිබුණි. ( දෙරණ)







