මාලිමාවේ වැලිගම මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය පැහැර ගැනීම මුලුමනින්ම රඟ දැක්වූ නාට්‍යයක් බව ඇසින් දුටු සාක්ෂි සමග ඉදිරිපත් කරන්නට අද කටයුතු කරනු ලැබුවේය.
පැහැරගත් බව කියන මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය මන්ත්‍රීවරියේ ත්‍රීවිල් රථයක පැමිණි ආකාරයත්, එම ත්‍රී රෝද රථය ඇයගේ ස්වාමි පුරුෂයා විසින් පදවාගෙන පැමණ සිය නිවස අසල දී වෙනත් කළු පැහැති ජිප් රථයකට ඔවුන් දෙදෙනා මාරු වූ ආකාරයත් ඇසින් දුටු සාක්ෂියක් ලෙස තනූජා අමරසේන නැමැති කාන්තාවක් රටට ඉදිරිපත් කළාය.
අනතුරුව මන්ත්‍රීවරියගේ සැමියා විසින් ත්‍රී විල් රථය පදවාගෙන ජිප් රථය පසුපස යනු දුටු බවත් තමන් සිතුවේ ඇය සිය හිතවතෙකුගේ රථයට ගොඩවී යනු ඇති බවත් කී ඇය මේ සම්බන්ධව තමන් පොලිසියට කට උත්තරයක් ලබා දී ඇති බවත් පැවසුවාය.
මෙම මාධ්‍ය සාකච්ඡාවේ දී කියැවුනේ මේ වනවිට ඇයගේ කටඋත්තරය මත ක්‍රියා කිරීමට එරෙහිව පොලිසියටත් බලපෑම් එල්ල වී ඇති බවයි. බිරිය පැහැර ගත්තා නම් ඒ ස්වාමි පුරුෂයා පොලිසියට පැමිණිලක් නොකර ගෙදර ගොස් නිදාගත්තා දැයි මෙහි දි සාධාරණව ප්‍රශ්න කෙරිනි.
එම මාධ්‍ය සාකච්ඡාව ලයිෆ් ට්‍රැවලර් යූ ටියුබ් නාලිකාව විකාශය කර තිබුණේ මෙසේය.





