බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෙත් කරලියට ආපු මොකක්ද මේ ශිරන්ති ගේ සිරිලිය?

by editor
ජූලි 4, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

බීබීසී –

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් සමාජ සේවා ව්‍යාපෘතියක් බව පවසමින් පවත්වාගෙන ගිය ‘සිරිලිය සවිය’ නමැති ව්‍යාපෘතිය සම්බන්ධ ගිණුම් වාර්තා නැවතත් කතාබහට ලක්වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල ද පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.

“හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාර්යාව ශිරන්ති රාජපක්ෂ විසින් ‘සිරිලිය සවිය’ නමින් ව්‍යාජ ගිණුමක් පවත්වාගෙන යාම මෙන්න අහගන්න. ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකකටයුතු ගිණුමක් පවත්වාගෙන යයි. අර ලෝක ප්‍රසිද්ධ සිරිලිය ගිණුම. දැනට මෙම ගිණුම ව්‍යාජ ගිණුමක් බව සනාථ වී ඇත. ගිණුමේ මැන්ඩේට් පත්‍රය [අයැදුම්පත] බැංකුවෙන් අස්ථානගත වී ඇත. ගිණුමක් විවෘත කරලා මැන්ඩේට් පත්‍රය අස්ථානගත කරලා. කවු ද කරේ? ඒවා අපි හොයනවා,” ඔහු පැවසුවේ ය.

විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවසූ අතර, මෙම ප්‍රශ්නගත ගිණුමේ මේ වන විට ගිණුම් ශේෂය රු. මිලියන 43ක් බව ද පැවසීය.

“කොළඹ 10, ඩාර්ලි පාර, මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ සිරිලිය සවිය නමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් නීත්‍යනුකූලව ඉදිරිපත් කළ යුතු ලේඛන ඉදිරිපත් නොකර 2006.11.14 දිනැතිව අංක 143-1-001-4-6235069 යනුවෙන් ගිණුමක් ආරම්භ කර ඇත. දැනට මෙම ගිණුමේ ගනුදෙනු අත්හිටුවා ඇති අතර, මේ වන විට ගිණුමේ ශේෂය රු. මිලියන 43කි. කවු ද අත්හිටෙව්වේ? අපි ඒවා හොයනවා.”

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

“මෙම ගිණුමේ සභාපති ශිරන්ති රාජපක්ෂ කවු ද? මහින්ද රාජපක්ෂගේ නෝනා “. ලේකම් සීතා කල්‍යාණි දිසානායක. භාණ්ඩාගාරික නිරෝෂා ජීවනී යන අයවලුන් වේ.

“දැනට මෙම ගිණුමට අවස්ථා 88කදී රුපියල් අට කෝටි විසි නව ලක්ෂ අසූ අටක් තැන්පත් කර ඇති අතර, ආපසු ගැනීමේ අවස්ථා 129කදී රුපියල් තුන් කෝටි අනූ ලක්ෂ පහළොස්දාස් හයසිය පනස් හයක මුදලක් ලබාගෙන ඇත. ලක්ෂ 100ක ස්ථාවර තැන්පතුවක් ද මෙම බැංකුවේ සිරිලිය නමින් ආරම්භ කර ඇත. මෙම ගිණුම සම්බන්ධයෙන් විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් සිදු කරනු ලබයි,” යැයි නියෝජ්‍ය අමාත්‍යවරයා වාර්තාවක් උපුටා දක්වමින් පැවසීය.

සිරිලිය සහ ව්‍යාජ තොරතුරු

හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුගේ බද්ධ ගිණුමක් ලෙස මහජන බැංකුවේ සුදුවැල්ල ශාඛාවේ 143100146235069 යන ගිණුම් අංකය යටතේ සිරිලිය සවිය ගිණුම ආරම්භ කර ඇත.

මෙහි ගිණුම ආරම්භ කිරීමට ලබා දී ඇති තොරතුරුවල තිදෙනාගේ ම ලිපිනය වශයෙන් තංගල්ලේ කාල්ටන් නිවසේ ලිපිනය සඳහන්ව තිබී ඇති අතර, එහි ශිරන්ති රාජපක්ෂගේ ජාතික හැඳුනුම්පත් අංකය වශයෙන් තිබී ඇත්තේ 222222222V යනුවෙනි.

සාමාන්‍යයෙන් පැරණි ජාතික හැඳුනුම්පත් අංකයේ පළමු අංක දෙක උපන් වර්ෂය අනුව යෙදෙන අතර, ශිරන්ති රාජපක්ෂ 1922 වසරේ උපන් තැනැත්තියක නොවන හෙයින් එවැනි හැඳුනුම්පත් අංකයක් තිබීමට ප්‍රයෝගිකව හැකියාවක් නොමැති බවට ඇයට චෝදනා එල්ල වී තිබේ.

සිරිලිය සහ ඩිෆෙන්ඩර් රථය

තාජුදීන් ඝාතනය සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා ගැනීම පිණිස 2017දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවා තිබිණි.

ඇය කැඳවා තිබුණේ, රතු කුරුස ආයතනය විසින් ‘සිරිලිය සවිය’ සංවිධානය වෙත සපයන ලද ඩිෆෙන්ඩර් ජීප් රථයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.

(WP) KA-0642 අංක දරන ප්‍රශ්නගත ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වන දා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ ශිරන්තිගේ ‘සිරිලිය සවිය’ සංවිධානය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස ආයතනය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත මීට ඉහතදී දැනුම් දී තිබිණි.

කෙසේ වෙතත්, ඇයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ 2017 ජූලි 27 වන දින ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ නැත.

මීට පෙර ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2015 ජූනි මස 30 වන දා, තම ආයතනයේ ප්‍රධානීන්ගෙන් ප්‍රශ්න කළ බව ශ්‍රී ලංකා රතු කුරුස සංවිධානය 2015දී නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ ය.

(WP) KA-0642 අංක දරන ඩිෆෙන්ඩර් රථය 2011 අගෝස්තු මාසයේ සිට 2015 ජනවාරි 20 වන දා දක්වා හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සිරිලිය සවිය සඳහා ලබා දී තිබුණු බව රතු කුරුස සංවිධානය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබිණි.

මීට පෙර 2015 ජූනි 01 දින පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගෙන් කතානායක නිල නිවසේදී ප්‍රශ්න කිරීමක් සිදුකළේ ය.

මහජන බැංකුවේ, සුදුවැල්ල ශාඛාවේ පවත්වා ගෙන ගිය ‘සිරිලිය සවිය’ ගිණුමට බැංකු ශාඛා රැසකින් රුපියල් කෝටි ගණනින් මුදල් බැර කිරීම තුළින් සැකසහිත ගනුදෙනුවක් සිදු වී ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිල්ලක් මත පැවැත්වූ පරීක්ෂණ සඳහා එම ප්‍රශ්න කිරීම සිදු කර තිබිණි.

එසේ ම එම ගිණුම විවෘත කිරීම සඳහා ශිරන්ති රාජපක්ෂ ව්‍යාජ ජාතික හැඳුනුම්පත් අංකයක් දී ඇති බවත් පැමිණිලි පාර්ශවය පෙන්වා දී තිබිණි.

ශිරන්ති අත්අඩංගුවට ගැනීමේ සූදානමක්?

පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පැවසුවේ, සිරිලිය ගිණුම් මේ සම්බන්ධයෙන් නැවතත් විමර්ශන කටයුතු ආරම්භ කරන බව ය.

“අවාසනාවකට නීතිපති කාර්යාලයේ මේක බහා තබලා තියෙන්නේ. අපි රටට කියනවා ජනවරම ඇතුළේ තියෙන්නේ මේක ආපහු ආරම්භ කරන්න. යළි මේ විමර්ශන කටයුතු ආරම්භ කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් යටතේ කියන එක අපි මේ රටේ ජනතාවට කියනවා.”

මේ සම්බන්ධයෙන් දැනට නඩු කටයුත්තක් ක්‍රියාත්මක නොවන අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර පැවැත්වූ පරීක්ෂණවල වාර්තා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර තිබිණි.

මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති බිරිය වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමට නියමිත බවත්, ඇයව එලෙස අත්අඩංගුවට නොගන්නා ලෙස වර්තමාන ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස මහනායක හිමිවරුන්ගෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉල්ලීමක් කර ඇතැයි පසුගිය සතියේ සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය විය.

කෙසේ වෙතත් පසුගිය ජූලි 01 වන දා මෙලෙස අසත්‍ය ප්‍රචාරයක් ප්‍රචාරය වන බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබුණේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ට්‍රම්ප් එක් එක් රටවල්වලින් කරන ආනයන සඳහා තීරු බදු අනුපාත අද සිට සියලුම රටවලට ලිඛිතව දන්වයි!

Next Post

වැලිගම නෑම – මාලිමා මන්ත්‍රීවරු ඉස්සීම අතේ පත්තු වෙයි… ඇසින් දුටු සාක්ෂියක් සිද්ධ වුන දේ කියයි….

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.