බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිකන්ද නගරයට කඩා වැදුන වන අලි රංචුවක් නගරයේ නව වෙළෙඳ සංකීර්ණය වනසති…

by editor
ජූනි 23, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොන්නරුව වැලිකන්ද නගරයට අද (23) අලුයම කඩාවැදුණු වන අලි රංචුවක්, නගරයේ අලුතින් ඉදිකර තිබූ වෙළඳ සංකීර්ණයේ දොරවල් රැසකට හානිකර නගරයේ තවත් වෙළඳසැල් විශාල ප්‍රමාණයකට හානි සිදුකර පලාගොස් ඇති බව වැලි කන්ද නගරවාසීහු සඳහන් කරති.

නිරන්තරයෙන් වැලිකන්ද නගරයට රාත්‍රී කාලයේ පැමිණෙන මෙම වන රංචු තමන්ගේ වෙළඳසැල්වලට දැඩි ලෙස හානි සිදුකරන බවත් අලුතින් ඉදිකරන ලද වෙළඳසංකීර්ණයේද දොරවල් විශාල ප්‍රමාණයකට දැඩි අලහභානි සිදුකර ඇති බවද වෙළඳසැල් හිමියෝ ප්‍රකාශ කරති.

සෝමාවතීය හා මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් මෙම වන අලි ගම්වදින බවත්, වැලිකන්ද නගරයට නුදුරින් මඟුල්පොකුණ හරහා ඉදිකර ඇති අලි කොරිඩෝව අසාර්ථක වීම, වැලිකන්ද නගරයට වන අලි පැමිණීම ප්‍රධාන හේතුවක් බවත්, මේ පිළිබඳ කොතෙක් වනජීවී නිලධාරීන්ට පැමිණිලි කරද අලි මිනිස් ගැටුමට මෙතෙක් විසඳුම නොමැති බවද නගරවාසීහු කියති.

මෙම තත්ත්වය හමුවේ තමන්ට වෙළඳාම් කිරීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවවා පමණක් නොව, ජන ජීවිතය ද අවුල් සහගත වී ඇති පවසන නගර වාසීහු  වැලිකන්ද නගරයට නිරන්තරයෙන් පැමිණෙන වන අලි ගැටලුවට කඩිනම් විසඳුම් ලබාදීමට කටයුතු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටිති.

අලි මිනිස් ගැටුම සහ වැලිකන්ද නගරයට නිරන්තරයෙන් වන අලි පැමිණීම පිළිබඳව අප වැලිකන්ද වනජීවී කාර්යාලයෙන් දුරකථනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ වැලිකන්ද නගරයට පමණක් නොව අවට ගම්මාන රැසකට වන අලි පැමිණෙන්නේ අලින්ගේ වාසස්ථාන මිනිසුන් විසින් විනාශ කිරීම නිසා බවය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

අලි මිනිස් ගැටුමට කෙටිකාලීන හා දිගුකාලීන විසඳුම් ලබාදීමේ අවශ්‍යතාවය පවතින බවත්, එලෙස පැමිණෙන වන අලි පලවා හැරීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා හැරෙන්නට තමන්ට වෙන විසදුමක් නොමැති බවත් වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පොහොට්ටු සජබ පූට්ටුවේ ඇත්ත පැත්ත එළියට… පොහොට්ටුවට දෙනවා කී හේවාහැට සභාපති ධූරය වංචාකර සජබ අපේක්ෂකයාට දීලා… නාමල් සජිත්ට පැමිණිලි කරයි….

Next Post

ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කරයි!

Related Posts

charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.