අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වාකරේ කඩොලාන පද්ධතිය ඉස්සෝ සමාගම් 08කට, වෙරළ කිලෝ මීටර 40ක් ඉල්මනයිට් හාරන සමාගමකට  බදු දීලා… මට කරන්න දෙයක් නෑ… වාකරේ ප්‍රාදේශීය ලේකම් කියයි!

by editor
ජූලි 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

මඩකලපුව වාකරේ මුහුදු තීරයේ අක්කර එකොළොස්දාහකින් යුත් කඩොලාන භූමියක් ඉස්සන් වගාවක් සඳහා පෞද්ගලික සමාගම් අටකට ලබාදීමෙන් තමන්ට සිදුවන හානියට එරෙහිව වාකරේ පාරම්පරික සිංහල දමිළ ධීවර පවුල් 06 වෙනිදා කදිරවේලි තැපැල් කාර්යාල ඉදිරිපිට විරෝධතාවයක නිරත වූහ.

කිරි ගොවීන් 4000ක්, ධීවර පවුල් 3500ක් ජීවිතය ඉල්ලා උද්ඝෝෂණයක…

ප්‍රදේශයේ වටිනා කඩොලාන භූමියක් සමාගම් අටකට ඉස්සන් වගාවකට ලබාදීමෙන්, වාකරේ ධීවර පවුල් 3500 කට සහ කිරි ගොවීන් 4000 කටත්, පරිසරයටත් දැඩි බලපෑමක් එල්ල වන බවද විරෝධතාකරුවෝ මෙහිදී සඳහන් කළහ.

වාකරේ උප්පුවේලී ප්‍රදේශයේ පිහිටා ඇත්තේ ඉතා දුර්ලභ ගණයේ කඩොලාන පද්ධතියක් බවත්, එහි සමාගම් අටකට ඉස්සන් වගාවකට ලබාදීමෙන් ජන ජීවිතයට පරිසර පද්ධතියට සිදුවන ව්‍යසනය බරපතල බවත් පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය.

ඉස්සන් වගාවට සමාගම් 08කට බදු දෙන්න යන වාකරේ දුර්ලභ කඩොලාන පද්ධතිය…

ඒ සමගම වාකරේ මුහුදු තිරයේ කිලෝමීටර් 40 ක් දුරට හා මීටර් 30 පළලට ඉල්මනයිට් ලබාගැනීම සඳහා 2012 වර්ෂයේදී රජය මගින් සමාගමකට ලබාදීමෙන් පසු ජන ජීවිතයට සිදුවන ව්‍යසනය හේතුවෙන් අතර මග නවතා දැමූ ව්‍යාපෘතියක් වසර දොළහකින් පසුව යළිත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ප්‍රදේශවාසීහු කීහ.

මේ පිළිබඳව කළ විමසුමක දී පරිසර යුක්ති යුක්ත කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පැවසුවේය ‍2012 නිකුත් කර ඇති පරිසර වාර්තාවකට අනුව වාකරේ මුහුදු තිරයේ ඉල්මනයිට් හැරීමට අවසර ලබාදී ඇති බවය.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

සාමාන්‍යයෙන් පරිසර වාර්තාවක් වලංගු වන්නේ වසර තුනක කාලයක් සඳහා පමණක් බවත්, පරිසර වාර්තාවක් දිගු කළ හැක්කේ අවස්ථා දෙකකදී වුවද වසර දොළහකින් පසු කිසිදු මූලික පරිසර විශ්ලේෂණයක් නොමැතිව සිදු කරන ව්‍යාපෘතිය නීති විරෝධී බවත් ඔහු පැවසුවේය.

මෙම ව්‍යාපෘති මගින් පාරම්පරික ධීවරයන් තුන්දහස් පන්සියයකට තම ජීවන මං ඇහිරී . මුහුදු කාදනයට ලක්ව විශාල පරිසර හානියක් සිදුවන බව වාකරේ ධීවර පවුල් වෙනුවෙන් විරෝධතා අවස්ථාවට සහභාගි වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ පෙන්වා දුන්නේය.

ඔහු පෙන්වා දෙන්නේ වාකරේ මුහුදු තීරයේ ඉල්මනයිට් හෑරීම සඳහා පෞද්ගලික සමාගමට අවසර ලබාදීමෙන් රජයට ලාභයක් නොලැබෙන බවය.

ඉල්මනයිට් හෑරීම සඳහා බදු දෙන්නට යන වාකරේ මුහුදු තීරය…

ඉදිරියේදී, පළාත් ආණ්ඩුකාර සෙන්දීල් තොණ්ඩමන්ගේ සහයෝගය ඇතිව මුතුර් සිට කින්ණියා දක්වාත්, නිලාවේලි සිට කුඹුරුපිටිය දක්වාත්, මීටර් 300 ක් පළලට මුහුදු තිරයේ ඛනිජවැලි හෑරීමට පෞද්ගලික සමාගමක් විසින් අවසර ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව ද හේමන්ත විතානගේ හෙළි කළේය.

මෙමගින් නැගෙනහිර මුහුදු තිරය දැඩි ව්‍යසනයකට ලක් වීමේ අවදානමක් පවතින බවද ඔහු පෙන්වා දුන්නේය.

වාකරේ සිංහල, දමිළ, පාරම්පරික ධීවරයන්ගේ අයිතිය වෙනුවෙනුත් පාරම්පරික කිරි ගොවීන්ගේ අයිතිය වෙනුවෙන් මෙන්ම
මුහුදු තිරයට සිදුවීමට යන හානිය වළකා ගැනීමටත්, උප්පුවේලී ප්‍රදේශයේ පිහිටා තිබෙන කඩොලාන පද්ධතිය බේරාගැනීම වෙනුවෙන් පරිසර යුක්ති කේන්ද්‍රයක් ලෙස අදාළ පෞද්ගලික සමාගම්වලට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවද ප රිසරය යුක්ති කේන්ද්‍රයේ සභාපති හේමන්ත විතානගේ මහතා මෙහිදී වැඩිදුරටත් කිව්වේය.

අප මෙම විරෝධතාකරුවන් නගන චෝදනා පිළිබඳ වාකරේ ප්‍රාදේශීය ලේකම් ජී. අරුණන්ගෙන් දුරකථනයෙන් කළ විමසීමකදී සඳහන් කළේ වාකරේ මුහුදු තීරය සහ උප්පුවේලී කඩොලාන පරිසර පද්ධතිය පෞද්ගලික සමාගම්වලට ලබාදීමට සැලසුම් සකස් කර ඇති බවත්, ඒ සඳහා තමන්ට මැදිහත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බවයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොඩි උන් දෙන්නෙක් එක්ක තරුණ මවක් ඉන්දියාවේ සරණාගතභාවය ඉල්ලා ධීවර බෝට්ටුවකින් ධනුස්කොඩියට පලා ගිහින්… ඇය පොලිස් අත් අඩංගුවට…

Next Post

හසරංග ක්‍රීඩා ලෝලීන්ට තිත්ත වෙයි… වැල්ලෙ පාට් දාන මදාවියෙක් ජාතික නායකත්වයට පත් කළ ගොබ්බ තේරීම් කමිටුවත් ජනතා පිළිකුළට…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.