බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යවස්ථාව වෙනස් කරන්න දුන්න අමුතු පොරොන්දුවෙන් පස්සේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට… මාවෙයි කියයි!

by editor
සැප්තැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් ඇති කොට බුද්ධාගමට පමණක් ප්‍රමුඛත්වය ලබා දීමට ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වගන්තිවල යම් සංශෝධනයක් සිදු කිරීමට සජිත් ප්‍රේමදාස එකඟ වූ බැවින් ද එම ව්‍යවස්ථා සංශෝධනය හරහා දෙමළ ජනතාව සම්බන්ධයෙන් වූ මූලික ප්‍රශ්න වලට විසඳුමක් ලබා දීමට එකඟ වූයේ සජිත් ප්‍රේමදාස පමණක් බැවින් ද ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වීමට අවසන් නිශ්චිත තීරණයට එළඹුන බව එම පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා අද (16) මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා කියා සිටියේය.

අද වවුනියාවේ දී පැවති  මේ සාකච්ඡාවට එම පක්ෂයේ නියෝජිතයින් හය දෙනෙකු සහභාගී වූ බවත් ඉන් පස් දෙනෙකුම සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමේ තීරණයට කැමැත්ත පල කළ බවත් කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා පමණක් එම තීරණය නොපිළිගත් බවත් මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.

එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා දෙමළ පොදු අපේක්ෂක බී.අරියනේත්‍රම්ට සහය දැක්වීමට මීට පෙර ගත් තීරණය වෙනස් නොකරණ බව මධ්‍යම කාරක සභා රැස්වීමේදීද ප්‍රකාශ කොට තිබේ.

‘’එබැවින් 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමට අප පක්‍ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණයට අනුව ඔහුට ඡන්දය ලබාදෙන මෙන් කාරුණිකව ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමු.’’ ලෙස එම පක්ෂය විසින් නිකුත් කරණ ලද නිවේදනයක සඳහන් කොට ඇත.

මෙම අවසන් තීන්දුවට පැමිණිමට පෙර ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා සජිත් ප්‍රේමදාසට සහාය දැක්වීමේ යෝජනාවට එකඟ වූයේ නැත.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

එමෙන්ම ඔහුගේ අභිලාෂය වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීම බවත්, ඔහු හමුවීමට ජනාධිපතිවරයා ඔහුගේ නිවසට ගොස් කළ දීර්ඝ සාකච්ඡාවෙන් අනතුරුව ඔහු ඒ සඳහා නොනිල මට්ටමින් එකඟ වූ බවත් වාර්තා වූයේය.

පසුව සජිත් ප්‍රේමදාසට සහයෝගය දැකවීමේ යෝජනාව සමාලෝචනය කළ යුතු බවට වූ මතයක් මාවෙයි සේනාධිරාජා ඉදිරිපත් කළේය. එම යෝජනාවට පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක එම්.සුමන්තිරන් එරෙහි වූ අතර ඔහු කීවේ සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබා දීමේ තීන්දුව විධිමත්ව ගනු ලැබූ එකක් බැවින් දැන් ඉතිරිව ඇත්තේ ඉදිරි වැඩපිළිවෙළ ගැන සජිත් ප්‍රේමදාස සමග සාකච්ඡා කිරීම බවය.

කෙසේ වෙත්ත මේ වනවිට මාවෙයි සේනාධිරාජා ද පක්ෂයේ පොදු මතයට එකඟ වී සජිත් ප්‍රේමදාසට සහයෝගය දැක්වීමේ අභිලාෂය තහවුරු කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඊයේ  බඩෝවිඩදී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර ඇත්තේ විදෙස්ගත අපරාධකරුවෙක් වූ උනාකූරුවේ ශාන්තගේ කොන්ත්‍රාත් එකකට!

Next Post

දළදා මාළිගාවේ බැතිමතුනුත් ඉවත් කර කළ බව පෙනෙන “වෙඩින් ප්‍රී ෂූට්” එක ගැන විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයයි… කන්ද උඩරට අභිමානය සංවිධානය මහා නායක හිමිවරුන්ට සහ ජනපතිට ලියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

Comments 1

  1. Indika says:
    වසර 2ක් ago

    මේ මාධ්‍ය හමුවේ වීඩියෝ එකක් නැද්ද?

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.