බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දළදා මාළිගාවේ බැතිමතුනුත් ඉවත් කර කළ බව පෙනෙන “වෙඩින් ප්‍රී ෂූට්” එක ගැන විධිමත් පරීක්ෂණයක් අවශ්‍යයයි… කන්ද උඩරට අභිමානය සංවිධානය මහා නායක හිමිවරුන්ට සහ ජනපතිට ලියයි!

මේ ජරා වැඩේ උනේ ඉතිහාසයේ පළමුවරට... මේ අසංස්කෘතික වැඩේ යටගහන්න නම් හදන්න එපා...

by editor
සැප්තැම්බර් 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අස්ගිරි මහ පිරිවෙණේ දී විවාහ ගිවිස ගැනීමේ උත්සවයක් පැවැත්වීමෙන් පසු එදිනම ශ්‍රී දළදා මාලිගාව තුළ ප්‍රී ෂූට් එකක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා කන්ද උඩරට අභිමානය සංවිධානය මගින් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමට සහ ජනපති රනිල් වික්‍රමසිංහට ලිපියක් යොමුකර තිබේ.

දියවඩන නිළමේවරයා මෙන්ම තේවා කටයුතු සඳහා මාලිගාව තුළ වැඩසිටින ස්වාමින්ද්‍රයන් වහන්සේලා ද දැනුවත් නොකර මේ ආකාර ඡායාරූප ගැනීමක් සිදුවූයේ කෙසේද යන්න ප්‍රශ්නයක් බවත් ඒ පිළිඳව විධිමත් පරීක්ෂණයක් සිදුවන බවක් පෙනෙන්නට නොමැති බවත් කන්ද උඩරට අභිමානය සංවිධානය ලිපියේ සඳහන් කර ඇත.

එම සංවිධානයේ සභාපති සුදන්ත සේනායක හා ලේකම් සුනේත්‍රා හුලන්ගමුව ගේ අත්සනින් යුත් අදාළ ලිපියේ පිටපත් අගමැතිවරයා, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැතිවරයා, බෞද්ධ කටයුතු කොමසාරිස් හා පොලිපතිවරයා වෙත ද යොමුකර තිබේ.

නිතර ජනයා ගෙන් පිරී පවතින ශ්‍රී දළදා මාලිගාව තුළ අදාළ ඡායාරූප වල පසුබිමේ කිසිවෙකුත් දක්නට නොලැබෙන බවත් මේ තුළින් මාලිගා පරිශ්‍රය තුළ ඔවුන් ට නිදහසේ ඡායාරූප ගැනීමට අවස්ථාව ලබා දී ඇති බවක් තහවුරු වන බවත් ලිපිය මගින් කන්ද උඩරට අභිමානය සංවිධානය ප්‍රකාශ කර ඇත.

මහනුවර දී අද (16) මාධ්‍ය හමුවක් පවත්විමින් මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක් වූ කන්ද උඩරට අභිමානය සංවිධානයේ සභාපති සුදන්ත සේනානයක මෙසේ පැවසුවේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ශ්‍රී දළදා මාලගාවේ දී මේ ආකාර ඡායාරූප ගැනීමක් ඉතිහාසයේ කවදාවත් වෙලා නැහැ. මේවා කාගේ අනුදැනුම මත වුණාද කියලා සොයා බැලිය යුතුයි. මේ ඡායාරූප නිරීක්ෂණය කිරීමේ දී දළදා මාලිගාව වන්දනා කිරීමට පැමිණි බැතිමතුන් ඉවත්කර ඡායාරූප ගැනීම සිදුකර තිබෙන බව පැහැදිලියි.

දළදා මාලිගාවේ දියවඩන නිළමේතුමන්, රාජකාරිකරුවන්, තේවාවට සම්බන්ධ භික්ෂූන් වහන්සේලා, පොලිස් නිලධාරීන් ඉන්නවා. මේ අය කවුරුවත් මේක දැක්කේ නැද්ද?. මේ සිද්ධිය යට ගහන්න දෙන්න බැහැ. වහාම පරීක්ෂණයක් කරන්න ඕන. ලෞකික කටයුතු සිද්ධස්ථාන තුළ සිදු කිරිම අපි කිසිසේත්ම පිළිගන්නේ නැහැ.

මේකට අස්ගිරි පාර්ශවයේ භික්ෂූන් වහන්සේ කිහිප නමක් සම්බන්ධ බව දැන ගන්න ලැබුණා. තාමත් මේ අය සම්බන්ධයෙන් පියවරක් ගත් බවක් පේන්න නැහැ. තවත් අය ඉදිරියේ දී මේ අකාර ඡායාරූප ගන්න පැමිණෙයි. ඒ අයටත් ඉඩ දෙනවාද?, මේකට පියවරක් නොගතහොත් අපේ දරුවන් ගේ විවාහ මංගල ඡායාරූප ගන්නත් මාලිගාවේ ඉඩ ලබා දෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.

දළදා මාලිගාව කියන්නේ නාඩගම් මඩුවක් නෙවෙයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ව්‍යවස්ථාව වෙනස් කරන්න දුන්න අමුතු පොරොන්දුවෙන් පස්සේ ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සහාය සජිත්ට… මාවෙයි කියයි!

Next Post

දැව හොරු පොළොන්නරුව ජල ගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ අක්කර සිය ගණනක් මඩු බිමක් කරති… බලධාරීන් එහෙම දෙයක් ගැන දන්නෙ නැතිලු!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.