-
ප්‍රශ්නය මේ තරම් තීව්‍ර වුනේ ඖෂධ නොමැතිව රෝගීන් මිය යෑම ප්‍රාර්ථනා කරමින් දේශපාලනය කරන පිරිස් ඖෂධ ආනයන සමාගම් බිය කළ නිසාලු…
ඖෂධ නොමැතිව රෝහල්වල රෝගීන් මියයන තෙක් බලාසිට එය වාසියට හරවා ගනිමින් දේශපාලනය කරන්නට බලා සිටින පිරිසක් රටේ සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසයි.
ඔවුන් සෑම විටම උත්සහ කරන්නේ ඖෂධ ආනයනකරුවන් අධෛර්මත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ආනයන වැඩපිළිවෙළ අවුල් කිරීමට බවත් සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
ඖෂධ හිඟය මෙම වසරේ පළමු කාර්තුව තුළදී බිංදුවට බස්සන්න ට හැකි බව ද හෙතෙම කීය
ජනපතිවරයා මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයට විශාල ලෙස මුදල් වෙන්කර දී තිබෙන බවත් ඉන්දියානු ණය ආධාර මෙන්ම ආසියානු සංවර්ධන බැංකුව ඇතුළු ජත්‍යන්තර සංවිධාන රැසක් මෙරට ඖෂධ ගැටලුව විසඳා ගැනීමට අවශ්‍යය සහය ලබාදෙන බවත් ඔහු කීය.
මහනුවර දී අද (01) පැවැති මාධ්‍ය හමුවක දී අමාත්‍ය රඹුක්වැල්ල මේ බව ප්‍රකාශ කළේය.
අත්‍යවශ්‍යය ඖෂධ වර්ග 183 ක් ආනයනය කිරීමට ටෙන්ඩර් කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූයේ සමාගම් තුනක් පමණක් බවත් ඔවුන් ද මාසයකට පසු එම ක්‍රියාවලියෙන් ඉවත් වූ බවත් ඇමැතිවරයා කීවේය.
ඖෂධ සමාගම් වලට රුපියල් බිලියන 15 ක්ද රාජ්‍ය බැංකු දෙකකට රුපියල් බිලියන 16 ක් ද සෞඛ්‍ය අමාත්‍යාංශය ගෙවීමට තිබෙන බවත් මෙම සත්‍ය ඇති සැටියෙන් රටට පැවසූ විට ඇමැතිවරයා ඖෂධ ආනයන සමාගම් බය කරන්නට නොයෙක් උප්පරවැට්ටි යොදන බවට පෙරටුගාමී පක්ෂයේ පුබුදු ජාගොඩ වැන්නන් ප්‍රකාශ කරන බවත් කී අමාත්‍යවරයා තමන් කිසි විටෙකත් සත්‍ය වසන් කර කටයුතු නොකරන බවද අවධාරණය කළේය.
ඉන්දියානු ණය ආධාර ලෙස මෙරටට ලැබුණු මුදලින් සෞඛ්‍ය අමත්‍යාංශයට වෙන් කළ රුපියල් බිලියන 300 ක මුදලින් මේවන විට භාවිත කර තිබෙන්නේ බිලියන 104 ක් පමණක් බවත් ඉතිරි මුදල් වැයකර ඉන්දියාවෙන් ඖෂධ ලබා ගැනීමට ලබා දී තිබූ කාලය පසුගිය නොවැම්බර් 30 වැනි අවසන් වීමෙන් පසු තමන් මැදිහත්ව එය දෙසැම්බර් 30 දක්වා දීර්ඝ කරගත් බවත් පැවසූ අමාත්‍යවරයා යළිත් වතාවක් එය දීර්ඝ ගැනීමේ අවශ්‍යතාවක් පැන නැගීම හේතුවෙන් තමන් පසුගිය දිනක ඉන්දියාව වෙත ගොස් නිසි සැළැස්මක් ඉදිරිපත් කර ලබන මාර්තු මස දක්වා එය දීර්ඝ කරගත් බවද ප්‍රකාශ කළේය.
එම ගමන සඳහා ගුවන් ටිකට් පත තම පෞද්ගලික මුදලින් ලබාගත් බවත් මහ බැංකුව පනවා තිබෙන නීති අනුව විදේශ රටවල් හා කරන ගනුදෙනු වලදී ක්‍රෙඩිට් කාඩ්පත මගින් ගෙවීමට හැකි වන්නේ රුපියල් 140000 ක් පමණක් බවත් කී අමාත්‍යවරයා මේ නිසා ඉන්දියානු මිතුරෙකු මගින් අදාළ ගමන සඳහා අවශ්‍යය හෝටල් බිල ගෙවූ බවද අවධාරණය කළේය.
එම මිතුරා කිසිදු ආකාරයකින් ඖෂධ ආනයන හෝ අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වූවෙකු නොවන බව කී ඇමතිවරයා ඉන්දියාවට ගිය විගස එම මුදල් තමන් ඔහුට ලබාදුන් බවත් කීවේය.







