සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසන්ත මුදලිගේ ඇතුළු ගිහි සිසුන් 08ක් – පැවිදි සිසුන් 54ක් 27 තෙක් රිමාන්ඩ්….

by editor
පෙබරවාරි 24, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කේ බුද්ධික කුමාරසිරි –

බත්තරමුල්ල පැලවත්ත ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයට ඊයේ (23) දින බලහත්කාරයෙන් ඇතුළු වී එහි පොදු දේපලවලට හානි කිරීම ඇතුලු චෝදනා අටක් යටතේ අත් අඩංගුවට ගත් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ ඇතුළු භික්ෂු සහ ගිහි සිසුන් 62 දෙදෙනා ලබන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් සුජීව ගුණතිලක  අද (24) දින නියෝග කළේය.

තලංගම පොලිසිය මගින්   අත් අඩංගුවට ගත් මෙම සැකකරුවන් නීතිපති දෙපාර්තුමේන්තුව හා පොලිසිය එක්ව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද අතර අධිකරණ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දෙසීයකට අධික පොලිස් නිළධාරීන් පිරිසක් යොදවා සිටි ආකාරය දැක ගත හැකි විය

අධ්‍යාපන අමාත්‍යාංශයේ පොදු දේපලවලට හානි සිදු කිරීම, අයුතු ලෙස අමාත්‍යාංශය තුලට ඇතුළු වීම, එහි රාජකාරි සිදුකල නිළධාරීන්ට බාධා සිදු කිරීම සහ අඩම්තේට්ටම්  සිදු කිරීම , අයුතු ජන රාශිය සාපරාධී බිය ගැන්වීම, කුමන්ත්‍රණය යන චෝදනා යටතේ මෙම සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු කර තිබුණි

එසේම අධ්‍යාපන අමාත්‍යාංශයේ දේපලවලට රුපියල් එක්ලක්ෂ අනූ එක් දහසක අලාභයක් සිදුව ඇති බවද මෙහිදී පොලිසිය අධිකරණය වෙත කරැණු දක්වන ලදී.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සභාපති වසන්ත මුදලිගේ ඇතුලු ව බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ භික්ෂු සිසුන් 54 ක් සහ ගිහි සිසුන් 08 දෙනෙකු මෙම පිරිසට අයත් විය

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

මෙහිදී පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ අත් අඩංගුවට ගත් සැකකරුවන් මෙම වැරැදිවලට අමතරව රටේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යා නොහැකි ලෙස නිරන්තරයෙන් කටයුතු කරන බැවින් සැකකරුවන් බන්ධනාගාර ගත කිරීමට කටයුතු කරන ලෙසය.

සැකකරුවන් වෙනුවෙන්  නීතිඥවරුන් වන කමල් විජේසිරි නුවන් බෝපගේ නුවන් ජයවර්ධන ජයනනන්ද සමරකෝන් ඇතුලු 40 දෙනෙකුගෙන් යුත් නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

ලංකාදීප –

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පොරොන්දු වූ රුපියල් දස දහස ඉල්ලා ගොවි පිරිසක් මනම්පිටිය ගොවිජන සේවා මධ්‍යස්ථානය වටලා වහලට නගිති!

Next Post

අධ්‍යාපන අමාත්‍යාංශයේ දී ගුරු වෘත්තීය සමිති නියෝජිතයින් 02ක් අත්අඩංගුවට ගැනිම ගැන විශේෂ පරීක්ෂණයක්!

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.