ශ්‍රියානි විජේසිංහ –
මහරගම සීතා ඇතින්නගේ තත්ත්වය සතුටුදායක නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ ප්‍රධානී මහාචාර්ය අශෝක දංගොල්ල සඳහන් කරයි.
මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව ඇතින්නගේ සිරුරේ පවතින අනෙක් ලෝහ කොටස්ද ඉවත් කරන මෙන් දැනුම් දුන් බව වෛද්‍ය දංගොල්ල පවසා සිටියි.
ඇතින්නගේ සිරුර අභ්‍යන්තරයේ පවතින ඉතිරි ලෝහ කොටස් ඉවත් කිරීමට හැකි ඉක්මනින් කටයුතු කරන බව ද මහාචර්යවරයා පැවසුවේය.
ඇතින්න ආහාර ගත්තද බඩයට ඉදිමී ඉතා අපහසුවෙන් සිටින බැවින් ඌ නින්දක් නොලබන බැවින් ශරීර සෞඛ්‍යයට එය හිතකර තත්ත්වයක් නොවන බවත් මහාචාර්යවරයා පැවසුවේය.
මයියංගන රජමහා විහාරයේ පැවැත්වෙන වාර්ෂික පෙරහැර මංගල්‍යයට සහභාගී කරවීම සදහා කැඳවාගෙන ගොස් පුජා භූමියේ ගාල් කර සිටිද්දී සිවිල් ආරක්ෂක නිලධාරීයෙකු විසින් තබන ලද වෙඩි ප්‍රහාර 7ට ගොදුරුව සීතා පසුගියදා මෙසේ තුවාල ලැබුවාය