වතු කම්කරුවන් ප්රවාහනය කළ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට විසිවී අඩි 30ක් පමණ ප්රපාතකයට පෙරළීමෙන් සිදුවූ අනතුරකින් තුවාල ලද වතු කම්කරු කාන්තාවන් 26 දෙනෙකු කොත්මලේ ප්රාදේශිය රෝහල වෙත අද (09) පස්වරුවේ ඇතුළත් කළ බව පුඩළුඔය පොලිසිය පැවසීය.

අනතුරෙන් බරපතල තුවාල ලබා සිටි වතු කම්කරු කාන්තාවන් කිහිපදෙනෙකු නාවලපිටිය දිස්ත්රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.
තලවකැලේ වටගොඩ නගරයේ සිට පුඩළුඔය දුනුකේදෙණිය දක්වා මෙම වතුකම්කරු කාන්තාවන් පිරිස ප්රවාහනය කරමින් බස් රථය අනතුරට ලක් වී ඇත්තේ අද සවස 4.30ට පමණය.
ධාවනය වෙමින් තිබු බස් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් අනතුරට හේතුව වි ඇති බව විමර්ශන අංශ කියයි.







