හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්නට අද (09) දින සිට තවත් මාස තුනක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.
හිටපු පොලිස්පතිවරයා මේ ලබන්නේ සිය දෙවැනි සේවා දිගුවය.
බලය සඳහා පොලිසියේ ඇති වී තිබෙන තියුණු බල අරගලය මෙන්ම පොලිස්පති ධූරය සඳහා සුදුස්කම් සපුරා ඇති ඉහළම ජ්‍යෙෂ්ඨයින් තිදෙනා එරෙහිව චෝදනා පැවතීම නිසා ඇති වී තිබෙන අර්බුදයට තාවකාලික පිළියමක් ලෙස හිටපු පොලිස්පතිවරයාට මෙම දෙවැනි සේවා දිගුව ලැබී තිබේ.
පාස්කු කොමිසමේ දී චෝදනාවට ලක් වී සිටින ජ්‍යෙෂ්ඨතම නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනාවන නිලන්ත ජයවර්ධන සහ දේශබන්දු තෙන්නකෝන්ගේ නම් පොලිස්පති ධූරයට යෝජනා කළහොත් සිය නිල කණස්සල්ල කොළඹ අගරදගුරු ලෙස දන්වන බව මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ප්‍රකාශ කර තිබුණේ ඉහළ පොලිස් නිලධාරීන් සම්බන්ධව සමාජ ආකල්පය ප්‍රකට කරමිනි.
එහෙත් නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා කීවේ ආගමික කණ්ඩායම්වල මතවාද පොලිස්පති පත් කිරීමේ දී නොසලකන බවය.







