ලෝක ටෙස්ට් ශූරතාවලියේ පස්වැනි ස්ථානයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රකට් කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 200,000 ක ත්‍යාග මුදලක් ලැබෙනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කර ඇත.
ශ්‍රී ලංකාව නවසීලන්තයට පිටත්ව යන අවස්ථාවේ දී ඔවුන්ට ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට අවකාශයක් විවරව තිබිණි.
නමුත් නවසීලන්ත තරගාවලිය 2-0ක් ලෙස පරාජයවීම නිසා ශ්‍රී ලංකාවට අවසන් කණ්ඩායම් හතරට පිවිසීමේ අවස්ථාව අහිමි වී ගියේය. ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පහළට වැටී පස්වැනි ස්ථානයට පත්විය.
ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ 2021-23 චක්‍රයට සහභාගී වූ කණ්ඩායම් නවය සඳහා ICC විසින් ඇමරිකානු ඩොලර් මිලියන 3.8 ක සමස්ත ත්‍යාග සංචිතයක් ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුව ජයග්රාහකයින්ට සහ අනුශූරයන්ට සම්පූර්ණ ත්‍යාග මුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.4 ක් හිමි වේ.
2021-2023 ලෝක ටෙස්ට් ශූරතා අවසන් තරගය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර, ජුනි 7 වන දින ලන්ඩනයේ ඕවල් හිදී ආරම්භ වේ.
ජයග්‍රාහී කණ්ඩායමට ඇමෙරිකානු ඩොලර් මිලියන 1.6ක් හිමිවන අතර අනු ශූරයන්ට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 8ක් හිමිවේ.
තෙවැනි ස්ථානයට පත්වූ දකුණු අප්‍රිකාවට ඇමෙරිකානු ඩොලර් 450,000ක් හිමිවන අතර සිව්වැනි ස්ථානය හිමිකරගත් එංගලන්තයට ඇමෙරිකානු ඩොලර් 350,000ක් හිමිවේ. පස්වන ස්ථානයට පත් ශ්‍රී ලංකා කණ්ඩායමට ඩොලර් ලක්ෂ 02ක හිමිකමක් තිබේ.
ඉතිරි කණ්ඩායම් හතරට ඉතිරි ඇමරිකානු ඩොලර් 400,000 සමානව බෙදා හරිනු ඇත.







