තලේබාන් පාලනයට නතුවීමත් සමඟ බටහිර රාජ්‍යන්ගේ බලපෑම මත රටවල් විශාල සංඛ්‍යාවක් ඇෆ්ගනිස්තානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පැවැත්වීම නවතා දැමීම යළි නිවැරදි කිරීමට චීනය මැදිහත්ව තිබේ.
ඇෆ්ගනිස්තානයේ ඛාමා ප්‍රෙස් පුවත් පතට අනුව චීනය විසින් මේවන විට ඇෆ්ගනිස්තානයේ විදේශ සබඳතා සක්‍රීයව කළමනාකරණය කරමින් සිටින බවට අනාවරණය වේ. මෙම මැදිහ්තවීම සනාථ කරමින් පසුගියදා සුවිශේෂී හමුවක්ද පැවැත්විණි.
එහිදී චීන විදේශ අමාත්‍ය ෂීං ගැන්ග් විසින් පාකිස්තාන විදේශ කටයුුතු අමාත්‍ය බිලාවාල් බූතෝ හා තලේබාන් හී බැඩබලන විදේශ අමාත්‍ය අමිර් ඛාන් මුට්ටාකි හා පාකිස්තානයේ ඉස්ලාමාබාද්හිදී හමුවී පැවති සාකච්ඡාවට මැදිහත් වෙමින් ඊට සහභාගී වී ඇති බවට අනාවරණය වේ.
මෙම තත්ත්වයත් සමඟ ඇෆ්ගනිස්තානයේ ස්ථාවර භාවයට දැඩි අභියෝගයක් එල්ලවී ඇති අතර එහිදී කළාපයී රටවලග් අතර පවතින සම්බන්ධතා වලටද එමගින් සෘණාත්මක බලපෑමක් එල්ලවී තිබේ. මේ අතර පාකිස්තානය රජය විසින් තලේබාන් සංවිධානය විසින් ටෙරීක් ඊ තලේබාන් සංවිධානය පහසුකම් සපයනට බවට චෝදනා එල්ල කරයි.
පාකිස්තාන රජය පවසන අන්දමට අදාල සංවිධානය විසින් පාකිස්තානය තුල සිදුවන වන ත්‍රස්ත ක්‍රියාවන්ට සෘජුව සම්බන්ධ වී ඇත. ඒ අනුවට ඔවුන්ට පහසුකම් සැලසීම තරයේ හෙලා දකින බවටද පාකිස්තාන රජය සඳහන් කර තිබේ. කෙසේ වෙතත් තලේබාන් සංවිධානය විසින් මෙම චෝදනා සියල්ලම හෙලා දකින අතර ඔවුන් පෙන්වා දෙන්නේ තම රජය කිසිම අවස්ථාවක එවැනි සංවිධාන වලට පහසුකම් සැලසීමක් නොකරන බවයි.
මෙවන් පසුබිමක් තුල චීනය මැදිහත් වීමෙන් ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතර සම්බන්ධතා වර්ධනය කිරීමට කටයුතු කිරීම සුවිශේෂී සිදුවීමක් වන අතර එමගින් ඔවුන්ට හිතවාදී රාජ්‍යන් ක්‍රමයෙන් වර්ධනය කරගැනීමට ගන්නා උත්සහයක් ලෙසටද සඳහන් කළ හැකිය.