ලොව ධනවත්ම යාචකයා වන්නේ භාරත් ජේන්ය.
ඔහු මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින අයුරු දැකගත හැකිය.
‘යාචකයා’ යන යෙදුම බොහෝ විට දිළිඳුකම හා සම්බන්ධව පුද්ගලයින්ගේ සිතුවිලි අවදි කරන වචනයකි. යාචකයා යනු මූල්‍ය අස්ථාවරත්වයට මුහුණ දෙන්නෙකි. කුසගින්න සහ දරිද්‍රතාවය ඒ වචනය තුළම අන්තර්ගතව තිබේ.
කෙසේ වෙතත්, හිඟාකෑම නව මානයකට ගෙන යමින් ලාභ උපයන සහ ලාභදායි වෘත්තියක් බවට පත් කරගත් ඇතැම් පුද්ගලයෝ සිටිති.
ඉකොනොමික් ටයිම්ස් හි වාර්තාවකට අනුව, භාරත් ජේන් ගෝලීය ධනවත්ම යාචකයාය. ඔහු මුම්බායි නගරයේ වීදිවල සිඟමන් යදින්නේය.
දුගී පුද්ගලයෙක්ව ඉපදුන ජේන්ට දුප්පත්කම නිසා නිසි ලෙස අධ්‍යාපනය ලැබීමට නොහැකි විය. කෙසේ වෙතත් ඔහු දරුවන් දෙදෙනෙක් සහිත විවාහක පුරුෂයෙකි. ඔහුගේ සහෝදරයා සහ පියා ඔහුත් සමග ජීවත් වන්නේය.
සිඟා කෑමෙන් ජීවිතය ඇරඹුවත් මේ වනවිට ජේන් රුපියල් කෝටි 7.5 ක ශුද්ධ වටිනාකමක් රැස් කර ගෙන ඇත.
හිඟාකෑමෙන් ඔහුගේ මාසික ඉපැයීම් රුපියල් 60,000 සිට 75,000 දක්වා පරාසයක පවතී.
තවද, ඔහුට රුපියල් කෝටි 1.2 ක් වටිනා මුම්බායි හි 2BHK මහල් නිවාසයක් හිමිය. මසකට රුපියල් 30,000 කට කුලියට දෙන තානේ හි සාප්පු දෙකක් තිබේ. ජේන් සිඟාකන ප්රමුඛ ස්ථාන වන් “Chhatrapati Shivaji Maharaj Terminus දුම්රිය ස්ථානය හෝ Azad Maidan හි හිඟාකන බව වාර්තා වේ.







