ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීම යටතේ සුපරි වටයේ තරගයක් ලෙස බටහිරි ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර හරාරේ හි අද (07) පැවති තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 08ක විශිෂ්ඨ ජයග්‍රහණයක් අත් කරගත්තේ.
ලකුණු 244ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රි ලංකා කණ්ඩායම පන්දු 34ක් ඉතිරිව තිබිය දී ඉලක්කය පසු කර ගියේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක යළිත් වරක් වාර්තා කළ විශිෂ්ඨ ශතකය සමගිනි. මේ තරගාවලියේ දි පැතුම් ලද දෙවැනි ශතකය මෙයය.
පන්දු 113ක් තුළ දී හතරේ පහර 14ක් සමගින් පැතුම් ලකුණු 104ක් වාර්තා කළේය.
අනෙක් අන්තයෙන් ඉනිම ආරම්භ කළ දිමුත් කරුණාරත්නත් මනරම් පිතිකරණයක යෙදුණේය. ශතකය දකිමින් ඔහු ලකුණු 83කට දැවී ගියේය. දිමුත් පන්දු 92කට මුහුණ දෙමින් ලකුණු 83ක් ලැබුවේය. ඒ හතරේ පහර 07ක් සමගිනි. ශ්‍රී ලංකා පිලේ ආරම්භක කඩුල්ල සඳහා සම්බන්ධතාවය ලකුණු 190 කි.
දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 83ක් රැස් කරගෙන සිටි දිමුත් කරුණාරත්න මුලු ලකුණු සංඛ්‍යාව 204 දි දැවි ගියේය.
අනතුරුව කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 34ක් සහ සධීර සමරවික්‍රම නොදැවි ලකුණු 17ක් සහිතව තරගය ජයග්‍රහණයය කරා රැගෙන ගියහ.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් කෙවින් සින්ක්ලෙයාර් සහ ආකෙල් හොසින් කඩුල්ල බැගින් දවා ගත්හ.
කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීම තේරුවේය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගයට එන්නේ වෙනස්කම් කිපයක් සමගිනි. මතීෂ පතිරණ, ඩිල්ෂාන් මධුෂ්ක, දුෂාන් හේමන්ත සහ සහන් ආරච්චිගේ කණ්ඩායමට කැඳවා තිබිණි. සහන් ආරච්චිගේ අද ක්‍රීඩා කළේ ඔහුගේ මංගල ජාත්‍යාන්තර එක්දින තරගය ය.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ජොන්සන් චාල්ස් ලකුණු 39ක්, කේසි කර්ටි ලකුනු 87ක්, රොමාරියො ෂෙපෙඩ් ලකුණු 26ක් හා කෙවින් සින්ක්ලෙයාර් ලකුණු 25ක් රැස් කළහ.
ඕවර 48.1 දි බටහිර ඉන්දීය කොදෙව්වන් සියල්ල දැවී ලකුණු 243කි.
මහීෂ් තීක්ෂණ ලකුණු 34ට කඩුලු 4ක් ලැබුවේය.
දුෂාන් හේමන්ත ලකුණු 61කට කඩුළු 02කි. මතීෂ පතිරණත් ප්‍රහාරටයකට ලක් වූයේය. ඔහු ලකුණු 61කට ලබා ගත්තේ එක් කඩුල්ලකි. දිල්ෂාන් මධුසංඛ ලකුණු 49ට කඩුල්ලක්, දසුන් ශානක ලකුණු 27ට කඩුල්ලක්, සහන් ආරච්චිගේ ලකුණු 18ට කඩුල්ලක් ලැබුවේය
මේ තරගයේ වීරයා ලකුණු 34කට කඩුළු 04ක් ලැබූ මහීෂ් තීක්ෂණය.
ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගාවලිය පුරාම අපරාජිතවය.