අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ලුණු මාෆියාව“ නවත්වා ලේවාය ලාභ ලබන විට හම්බන්තොට නගරාධිපතිට රිදුණු හැටි ලුණු සභාපති කියයි!

by editor
ජනවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

  • කවුරු විරෝධතා පැවැත්වුවත් ඔබ තවමත් ලුණු සමාගමේ සභාපති…ගිහින් වැඩ කරන්න කියලා ජනාධිපතිතුමා හා අගමැතිතුමා මට කිව්වා.

  • එක ව්‍යාපාරිකයෙක් අතරමැදියෙක් ලෙස ගත්තු මිලියන 10ක ලාභය නැවතුනු නිසා කට්ටියට රිදිලා… වෙළෙඳ සංගමයෙන් කතා කරලා කිව්වා නගරසභාව තරහා කරගන්න බැරි නිසා පැයක් කඩ වහනවා කියලා..

  • සියලුම වෘත්තීය සමිති සහ සේවකයින් ඉන්නේ මාත් එක්ක… ජනාධිපතිතුමා පවරපු වැඩේ මා කළා…

ලේවායේ කිසිදු වෘත්තීය සමිතියකට සම්බන්ධ සේවකයෙකු මට විරුද්ධව පාරට බැහැලා නෑ. ලේවායේ පක්ෂ විපක්ෂ සියළුම වෘත්තීය සමිති මේ මොහොත වනතුරුත් ලේවාය රැක ගැනිම වෙනුවෙන් මා සමග ඉන්නවා. ලේවාය ඉස්සරහට වෙලා මට විරුද්ධව නගරාධිපති ඇතුළු පිරිසක් උද්ඝෝෂණය  කරන්නේ පටු අදහසක් ඇතිව“ යැයි හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති  නීතීඥ නිශාන්ත සඳභරණ  පැවසීය.

සභාපති වරයා මේ බව පැවසුවේ අද  (04) පෙරවරුවේ හම්බන්තොට ලංකා ලුණු සමාගමේදි මාධ්‍ය හමුවක් පවත්වමිනි. එහිදි වැඩිදුරටත් අදහස් දැක් වු සභාපත වරයා මෙසේද පැවසීය.

“දැන් දින කිහිපයක් තිස්සේ ලේවායේ ගේට්ටුව ඉදිරිපිට පිරිසක් මට විරුද්ධව විරෝධතාවයක නිරත වෙනවා. මේ විරෝධතාවයට ඉන්නේ හම්බන්තොට නගරාධිපතිවරයාට සම්බන්ධ පිරිසක් හා  ඔහුට හිතවත් ලුණු ව්‍යාපාරිකයෙක්. මට මේ ස්ථානයට එන්නේ දෙන්නේ නෑ,  මං ලුණු සමාගමට ආවොත් මරණවා කියලා පවා තර්ජනය කරලා තිබුණා.“

“ඒ කෙසේ වෙතත් ජනාධිපතිතුමා හා අගමැති වරයා මට කිව්වේ තවමත් ඔබ ලුණු සමාගමේ සභපති. ඒ නිසා ගිහින් වැඩ කරන්න කියලා. ඒ අනුව මා  සුපුරුදු පරිදි වැඩට ආවා. “

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ලාභ ලබපු ආයතනයකට එරෙහිව උද්ඝෝෂණ – 

“ලංකාවේ ප්‍රථම වරට තමයි ලාභ ලභපු ආයතනයකට එරෙහිව උද්ඝෝෂණයක් කරන්නේ. සේවක පඩි නඩි ගෙවීම් පැහැර හැරිමක්වත්, ආයතනයේ දියුණුවේ අඩුවක් වෙලාවත් නැත්නම් නගර සභාවට ගෙවිය යුතු බදු මුදල් නොගෙවිමක්වත් හෝ වෙනත් අකටයුත්තක් වෙලාවත් නැතුව මේ පිරිසක් එකතු වෙලා මේ විදියට මට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නේ කාගේ හෝ වුවමනාවකට කියලයි මට හිතෙන්නේ.“

“මම මේ ආයතනය ලාභ ලබන තැනට ගෙනත් තියෙනවා. මේ සේවකයන්ට පඩි නඩි වගේම බෝනස් දීලා තියෙනවා. කිසිදු අයුරකින් මගේ මේ සේවකයන් මා අතෘප්තියට පත් කරන්න කටයුතු කරලා නෑ. ඒ වගේම අද වෙනකොට මේ ලේවාය තුළ සිදුවෙන දියුණුව දැකලා පක්ෂ විපක්ෂ වෘත්තීය සමිති නායකයන් පවා මාත් එක්ක අත්වැල් බැඳගෙන ඉන්නවා.“

“මම නව වසරේ සියළු දෙනාට සුභ පතා පිරිත් පිංකමක් මේ ස්ථානයේ පැවැතුවා. සියළුම දෙනාට පිරිත් පැන් පිරිත් නුල් මම ලබා දෙන්න පියවර ගන්නකොට මට විරුද්ධව විරෝධතාවයේ ඉන්න අය ඒවා බලා බලා පිරිත් පැන් වෙනුවෙනට මත්පැත් බිවුවා.“ 

“මේ අය අද ලේවාය ඉස්සරහා කරන්නේ සුඛෝපභෝගි විරෝධතාවයක්. ඒ බව විරෝධතාකරුවන් ඉන්න තැනට මදක් දුරින් නවතා තිබෙන සුඛෝපභෝගී වාහනය දැක්කම පැහැදිලි වෙනවා. විරෝධතාවයේ ඉන්න අය මුලින් මේ විරෝධතාවය පටන් ගන්නකොට තිබුණු සටන් පාට අද වෙනස් වෙලා. අද වෙනත් සටන් පාට ටිකක් දමාගෙන මේ අය මට විරුද්ධව මෙතන වාඩි වෙලා ඉන්නවා. මන් අභියෝග කරනවා ඔය එක චෝදනාවක් හරි පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. මන් බොහොම වගකීමෙන් කියනවා එක එක්කෙනාගේ බුදල් වෙලා තිබුණු මේ ලුණු ලේවායේ ලුණු මාෆියාව මන් සම්පූර්ණයෙන්ම නවතා දමා අද ලංකාවේ සියළුම පුරවරසියන්ට ලංකා ලුණු සමාගම විවෘත කරලා තියෙනවා.“

කෝටියක කොමිස් නවත්වපු එකට පිරිසකට රිදිලා –

මම මේ සභාපති පුටුවේ ඉන්නකම් කිසි කෙනෙකුට ලුණු මාෆියාවක් ඇති කරන්න ඉඩ තියන්නේත් නෑ. ලුණු හිඟයක් ඇතිවෙන්න ඉඩ තියන්නෙත් නැ. මෙච්චර කල් වුනේ ලුණු ව්‍යාපාරිකයින් කියා ගන්නා පුද්ගලයෙක් දෙන්නෙක් විතරක් ලේවායෙන් ලුණු ටික මිළදි අරගෙන එයා අතරමැදියෙක් ලෙස මාසෙකට රුපියල් මිලියන 10ක් විතර තියාගෙන තමයි ලුණු ටික අනිත් ව්‍යාපාරිකයන්ට දුන්නේ. මන් ඒ ක්‍රමය වෙනස් කිරිම තමයි ඔය ලුණු ව්‍යාපාරිකයන් කියා ගන්නා අයට රිදිලා තියෙන්නේ.

මේ විරෝධතාවය පිටුපස ඉන්නේ ඒ අය. ඒ යට කොමිස් මුදල් ගන්න බැරි වෙච්ච නිසා තියෙන අසතුටට තමයි මේ අද මට විරුද්ධව පිරිසක් උසිගන්වලා ලේවාය ඉස්සරහා කන්න බොන්න දීලා වාඩි කරලාවලා තියෙන්නේ. ඒක තමයි ඇත්ත. අතරමැදියෙකුට ගිය මුදල මන් මේ ලේවායට ගෙනාවා. මේ ආයතනය ලාභ ලබන්න හේතු ඒවා මිසක් මා වෙන මැජික් එකක් කලේ නෑ.

ගෝඨාභය ජනාධිපති තුමා මා මේ ලේවායට සභාපති කරලා එවනකොට කිව්වේ හේතුනම් එපා. ලාභ විතරක් පෙන්වන්න කියලයි. ඉතින් මා ඒ වැඩේ කරලා තියෙනවා. අද මේ විරෝධතාවයට නගරයේ වෙළද සංගමය එකතු වෙලා ඉන්නවද බලන්න. දවසක් නගරයේ කඩ පැයක් වැහුවා. ඇත්තටම ව්‍යාපාරිකයන් ඒක වැහුවා නෙමෙයි බලහත්කාරයෙන් වැස්සුවා. වෙළද සංගමයේ ලේකම් මට කතා කරලා කිව්වා නගරසභාව තරහ කරගෙන අපිට කඩ කරගෙන යන්න බෑ. ඒ නිසා විතරක් අපි පැයක් කඩ වහනවා. එහෙම නැතිව ලුණු ලේවාය පිළිබදව හෝ ඔබතුමා පිළිබදවවත් අපිට කිසිදු ගැටලුවක් නැ කියා මට දුරකතනයෙන් කතා කරලා කිව්වා. 

විරෝධතාවයේ සේවකයෝ නෑ…

එක් සේවකයෙක්වත් මේ විරෝධතාවය එකතු වෙලා නෑ. මේ විරෝධතාවය කියලා අපි අපේ රාජකාරිය පැහැර හැරලා නෑ. අපි සාමාන්‍ය විදියට වැඩ කරගෙන යනවා. මේ  අයගේ විරෝධතාවය නිසා සේවකයන්ට යම් යම් අපහසුතා කිහිපයකට මුහුණ දෙන්න වෙලා තියෙනවා.මා සභපති වරයා ලෙස ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය කටයුතු කරනවා“ යැයි පැවසිය.

ඒ අවස්ථාවට එක් වී සිටි නිදහස් සේවක සංගමයේ සභපති දිනුක චාමර  පැවසුවේ මෙම උද්ඝෝෂණයට ඔවුන්ගේ කිසිම සම්බන්ධයක් නැති බවය. ජාතික නිදහස් සේවක සංගමයේ සභාපති හම්බන්තොට සමගි ජන බළවේගයේ නාගරික මන්ත්‍රී  දිනේෂ් දර්ශන කීවේ ලේවායේ විපක්ෂය නියෝජන කරන වෘත්තීය සමිතිය ලෙස මෙම අසාධාරණ උද්ඝෝෂණයට සහය නොදෙන බවය. මෙම වෘත්තීය සමිති නායකයින් ප්‍රකාශ කළේ වත්මන් සභාපතිවරයා නිසා ලේවාය දියුණු වී ඇති බවය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

වකුගඩු ජාවාරමට සම්බන්ධ දොස්තරලා ගැන කියන වාර්තාව අතුරුදන් වුණා ද?- GMOF අසයි

Next Post

දුමින්ද නාගමුව අත්අඩංගුවට… උද්ඝෝෂණයක් කර අධිකරණයට අපහාස කරලා…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.