පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව අද (04) දහවල් අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණය ඉදිරිපිට විරෝධතාවක් පවත්වමන් අධිකරණයට අපහාස කර එහි දේපලවට හානි කළැයි යන චෝදනාව පිට කඩුවෙල පොලීසිය අද (04) දහවල් බොරැල්ලේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත අධිකරණයෙන් නිකුත් කර තිබූ විවෘත වරෙන්තුවට අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව කඩුවෙල පොලීසිය කීවේය.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනතට විරුද්ධව පාර්ලිමේන්තු වටරවුමේ විරෝධාතාවක නිරතවී මහජන පීඩා කිරීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පස් දෙනෙකුට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් කළ උද්ඝෝෂණයක දී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් වී තිබී ඇත.
මෙම උද්ඝෝෂණය පවත්වා තිබුණේ පසුගිය නොවැම්බර් 04 දාය.