සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝක කුසලාන සංචාරයේ දී ලංකාව නිරුවත් කළේ සල්ලාල ගුණතිලක පමණක් නොවේ…

by editor
නොවැම්බර් 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

neutral-ampayer

ඩුබායි ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ ආසියානු කුසලානය මෙරටට ගෙනාවෝය.

එහෙම එද්දී ඔවුන් මහ ඉහළින් පිළිගනු ලැබුවෝය.

විවෘත ඩබල් ඩෙකර් බස් රථයකින් මහජන හරසර මැද්දේ ගුවන් තොටුපලේ සිට කොළඹට ගෙන එනු ලද්දේ රුපවාහිනී නාලිකා කිහිපයකම සජීවී විකාශය මැද්දේය.

එහෙව් කණ්ඩායමක් ලෝක කුසලානෙට ඕස්ට්‍රේලියාවට ගොස් ආපහු එන්නේ රෙදි නැතිවය. ගුවන් තොටුපලේ පිළිගැනීම් හෝ නොමැත.

අවසන් පූර්ව වටයට හෝ ඒමට නොහැකි වූ අපේ ක්‍රීඩකයන්ට එහිදී කිසිදු පිළිගත් ප්‍රබල කණ්ඩායමක් පරාජය කිරීමට නොහැකි වූ අතර ආසියානු ශූරයන් වූ පමණින් ලෝක ශූරතාවකට පහසුවෙන් ළඟා විය නොහැකි බව මොනවට ඔප්පු කළෝය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එසේ තම දස්කම් වල මට්ටම ප්‍රදර්ශනය කළ අපේ ක්‍රීඩකයෝ ආපහු ආවේ අවමානයක් කර පින්නාගෙනය.

එක් ක්‍රීඩකයකුගේ ලජ්ජාසහගත හැසිරීමකින් රටම අපකීර්තියට ලක් කරමින්‍ ය.

ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා මට්ටම විශේෂත්ව පුහුණුකරුවකු කණ්ඩායමට එක් කිරීමෙන් වැඩි දියුණු නොවූ අතර එය අවසානයේ කෝකියෝ වැඩි වීමෙන් හැළියට වූ දේ මතක් කර දුන්නේය.

එනිසා ආසියානු කුසලානට නොගොස් ලෝක කුසලානෙට ගිය මහේල ජයවර්ධනට සිදු වූයේ හිස් අතින් ආපසු එන්නටය.

කෙසේ වුවත් ඕස්ට්‍රේලියාවේ සිට අවමානය කර පින්නාගෙන පැමිණීමට වග කිව යුත්තේ ධනුෂ්ක ගුණතිලක පමණක් නොවේය.

මේ තත්ත්වයට හේතු සකස් කරදුන් ක්‍රිකට් බලධාරින්ද මෙයට වග කිව යුතුය.

පෙර වැරදි ඕනෑ තරම් තිබුණු ධනුෂ්ක වැනි ක්‍රීඩකයකු යළි කණ්ඩායමට වැද්ද ගැනීම ආබාධයට ලක්වූ පසු එසේ ආබාධයට ලක්වූ සෙසු ක්‍රීඩකයන් ආපසු ලංකාවට එවද්දී ධනුෂ්ක සංචාරය අවසන් වන තුරු කණ්ඩායමේ තබා ගැනීම සිදු කළ විශාල වැරැද්දකි. එය එසේ වූයේ ධනුෂ්ක වෙනුවට තව ක්‍රීඩකයකු (අශේන් බණ්ඩාර) නිල වශයෙන් කණ්ඩායමට ඇතුළත් කර තිබියදීය.

මේ තීරණ ගනු ලැබුවේ තේරීම් කමිටු සභාපති ප්‍රමෝදය වික්‍රමසිංහද සභාපති , ලේකම් ඇතුළු විධායක සභාවේ වැඩි පිරිසක් එහි සිටියදීය.

ඕස්ට්‍රේලියාවෙන් ලැබෙන ආරංචි මාර්ග වල හැටියට අපේ ක්‍රීඩකයන් එහි කටයුතු කර ඇත්තේ ලෝක කුසලානෙකට සහභාගි වන සෙසු කණ්ඩායම් හැසිරී ඇති ආකාරයට නොවේය.

හැසිරී ඇත්තේද වෘත්තිමය කණ්ඩායමක් හැසිරෙන ආකාරයට නොවන බවත් හුදෙක් ඕස්ට්‍රේලියාවේ ජෝයි රයිඩයකට ආ සංචාරකයන් පිරිසක් ඒ අතරතුර ලෝක කුසලානයකට තරග වදින ආකාරයෙනි.

සමහර ක්‍රීඩකයන් එහි ගොස් ඇත්තේ අඹු දරුවන් සමගය. ඇතැමුන්ගේ පවුල්වල උදවියත් සමගය.

අතිරේක ක්‍රීඩකයන් සමග පාලනය කිරීමට අපහසු කණ්ඩායම් දෙකක සෙනගක් එහි සිටියෝය.

ක්‍රීඩකයන්ගේ විනය කටයුතු බලා ගත යුතු කණ්ඩායම් කළමනාකරු මහින්ද හලංගොඩ ක්‍රීඩකයන්ට ඕනෑතරම් අයාලේ යාමට ඉඩ දී ඇතැයි වාර්තා වේ.

ඒ ඔහුට තව දුරටත් කළමනාකරුධූරයේ රැඳී සිටීමට නම් ක්‍රීඩකයන්ගේ හොඳ හිත අවශ්‍ය නිසාය.

සුපුරුදු ලෙස සංචාරවල ක්‍රීඩකයන්ට පැනවෙන ඇඳිරි නීතිය හෙවත් රාත්‍රී 11 වන විට කාමර වල සිටීමේ නීතිය වල් වැදී තිබුණු බවත් කියන්නේ ක්‍රීඩකයන්මය.

මේ සියල්ලට වග කිව යුත්තේ කණ්ඩායම් කළමනාකරුය. නැත්නම් ධනුෂ්කලාට රෑ තිස්සේ මෙසේ රවුම් ගසන්නට හා වල්කමේ යන්නට ඉඩක් ලැබෙන්නේ නැත.

ලිංගික අතවර කිරීමේ චෝදනාව ඕස්ට්‍රේලියාවේ සුළු පටු චෝදනාවක් නොවේය. එනිසා ධනුෂ්කට මෙම නඩුවෙන් නිදහස් වීම පහසු නැත.

කියන්නට ඇත්තේ කුම්බලා මාළු කෑවා නම් විඳවාපන් අබරෝ කියා පමණි.

එහෙත් මේ සිද්ධිය අපේ ක්‍රිකට් බලධාරින්ටත් පහසුවෙන් ලිස්සා හැරිය හැකි අවස්ථාවක් නොවන අතර කළ යුත්තේ කළමනාකරුද වහාම ඉවත් කර ක්‍රීඩකයන්ට සංචාර තුළ බල පැවැත්වෙන දැඩි නීති මාලාවක් පැනවීමය. ක්‍රීඩා ඇමතිවරයාද වහාම මේ ගැන කටයුතුකළ යුතු වන්නේය.

විනයක් නොමැති නම් මොන වැඩ කාරයකුගෙන් හෝවැඩක් නැති බව මේ ක්‍රීඩකයන්ට පෙන්වා දිය යුතුය.

නියුට්‍රල් අම්පයර්

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාංචු දමා අධිකරණයට ඉදිරිපත් කළ ධනුෂ්කට අදත් ඇප නෑ!

Next Post

ජනපති කන්දකාඩු සිද්ධිය ගැන පූර්ණ වාර්තාවක් ඉල්ලයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.