ශ්‍රි ලංකාවට පැමිණෙන රුසියානු සංචාරකයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් යළි පනවන ලද පැය 72ක් ඇතුළත ලැබයුතු පීසීඅර් පරීක්ෂණය අනිවාර්ය නොකරන ලෙස සෞඛ්‍යය අමාත්‍යාංශයට උපදෙස් දෙන්නැයි රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග සංචාරක අමාතය හරීන් ප්‍රනාන්දුගෙන් ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ විදේශ විනිමය අර්බුදය දැඩි ප්රශ්නයක්ව පවතින මෙම මොහොතේ මෙවැනි සීමා පැනවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් පියවර සම්බන්ධයෙන් සිය කණස්සල්ල පළ කරන උදයංග වීරතුංග හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා වෙත අවධාරණය කරන්නේ තුර්කිය, තායිලන්තය මාලදිවයින වැනි දැඩි සංචාරක ආකර්ෂණයක් පවතින රටවල් පවා මෙම පීසීආර් පරීක්ෂණය අනිවාර්යය කර නොමැති බවය.
මේ වන්විට මසකට ගුවන් යානා 45ක් මඟින් රුසියානු සංචාරකයන් 15,000ක් පමණ ශ්‍රී ලංකාවට පැමිණෙන පසුබිමක් තුළ ඔවුන්ට අවහිරයකින් තොරව ශ්‍රි ලංකාවට ඇතුළු වීම සඳහා මෙම පීසීආර් පරීක්ෂණය අනිවාර්ය නොනොකරන්න යැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා හරහා අදාල උපදෙස් දෙන ලෙසද ඔහු ඉල්ලයි.
හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිපියක් ලියන උදයාංග වීරතුංග පවසන්නේ මේ වනවිට මත්තලටද සතියකට සංචාරකයන් 1236ක් පමණ පැමිණෙන් තත්ත්වයක් තුළ මත්තල යලි වී ගබඩාවක් කිරීමට ඉඩ නොදෙන ලෙසය.
කෙසේ වෙතත් අද සවස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන ප්‍රකාශ කළේ සංචාරකයින් මෙරටට පැමිණීමේදී පැය 72 කට පෙර PCR පරීක්ෂණක් සිදුකර ගත යුතු බවට වන නීතියක් හෝ මාර්ගෝපදේශයක් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පනවා නැති බවය.







