ඉකුත් දෙසැම්බර් මාසයේ මුල සිට මේ දක්වා කලාය තුල චිනයේ කොරෝනා වෛරසය වැළදීමෙන් පුද්ගලයින් හැටදහසක් පමණ මරණයට පත්ව ඇති බව අද (14) දින ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
ඒ අනුව කොරෝනා වෛරසය පැතිරයාමේ උච්චතම අවස්තාව මේවන විට පසුව ගොස් ඇති බවට පෙනී යන බවටද අදාල පුවත් වාර්තාව සඳහන් කළේය. මෙම මරණ අතරට කොරෝනා වෛරසය වැළදීම හේතුවෙන් හටගත් ශ්වසන අපහසුතා හේතුවෙන් මරණ පන්දහස් පන්සිය තුනක් සහ කෙරෝනා වෛරසය වැළදීමෙන් ඇති වන වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පුද්ගලයින් පනස් හතරදහන් හාරසිය තිස් පහක් මරණයට පත්ව ඇති බවද ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාව නිවේදනය කර ඇත.
එම මරණ ඉකුත් වසරේ දෙසැම්බර් මස 8 වැනිදා සිට මේ දක්වා කාලය තුල වාර්තා වූ සිද්ධි වන බවත් එහිදී වැඩි මරණ සංඛ්‍යාවක් නිවස් වලදීම රෝගීන් මියයාම් බවද අදාල නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන්ව තිබේ.
චීන රජය විසින් ඉකුත් දෙසැම්බර් මාසය මුලදී එරට තුල ඇති වූ ජනතා විරෝධතාවන්ගෙන් පසුව කොරෝනා වෛරසය පලානය කිරීමට ගෙන තිබූ සියලුම වැඩසටහන් අත්හැර දීමට පියවර ගත් අතර එහි ප්‍රතිඵලයක් ලෙස සීඝයෙන් වෛරසය පැතිරයාමක් සිදුවිය.
ඒ අනුව මෙහි ප්‍රතිඵලයක් ලෙස චින රජය විසින් එරට තුල වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගේ සහ කොරෝනා වෛරසය වැලදීමෙන් මරණයට පත් පුද්ගලයින් සම්බන්ධ දත්ත ප්‍රකාශයට පත් කිරීමෙන්ද වැලකි සීමට තිරණය කර තිබිණි.
කෙසේ වෙතත් චීන රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් ලෝක සෞඛය සංවිධනය සහ අනෙකුත් රටවල් සිය අසතුට පළකර ඇති අතර වෛරසය පැතිරයාමට අදාල දත්ත හෙළිකරන ලෙසටද ඉල්ලා තිබිණි







