කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට සමගි ජන බලවේගයෙන් තරග වැදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන් ඉදිරිපත් කිරීමට සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (14) ඒකමතිකව තීරණය කර තිබේ.
ඒ අනුව මුජබර් රහුමාන් මන්ත්‍රීවරයා සිය පාර්ලමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරයට ඉදිරිපත් වීමට නියමිතව ඇත.
මේ සම්බන්ධව මුජබර් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ පක්ෂයේ සහ ජනතාවගේ ඉල්ලීම මත තමන් තීරණයක් ගන්නා බවය.
කෙසේ වෙත්ත ඉදිරියේ පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය කල් දැමීම සඳහා ආණ්ඩුව විවිධ කූට උපක්‍රම යොදමින් සිටින බවත් එය පරාජය කර ජනතාවගේ ඡන්ද අයිතිය තහවරු කිරීම වෙනුවන් කැප වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.