අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රැකියා පොරොන්දු දී මෙරට ගෙන්වා බලෙන් ගණිකාවන් කරන උස්බෙක් කතුන් ජාවාරමක් – ප්‍රභූ සහය නිසා විමර්ශනයට බාධා

by Lanka Sara Editor
දෙසැම්බර් 31, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙරට හෝටලයක රැකියාවක් හෝ ළමා නිවාසයක සේවිකාවක ලෙස රැකියා ලබා දෙන බවට පොරොන්දු වී ලිංගික වහල් සේවය සඳහා උස්බෙකිස්තානයේ සිට කාන්තාවන් ජාවාරම් කිරීම පිළිබඳ තොරතුරු අනාවරණ වී තිබේ.

මිනිස් ජාවාරම් පිළිබඳ විමර්ශන කරන නිලධාරීන් විසින් අනාවරණය කරගෙන ඇත්තේ පසුගිය මාස කිහිපය තුළ එලෙස උස්බෙකිස්තානයේ සිට මෙරටට කාන්තාවන් ගණනාවක් ගෙනවිත් ඇති බවයි.

මෙම ජාවාරම තුළ විදේශිකයින් සංචාරකයින් ලෙස හෝ රැකියා වීසා මත ශ්‍රී ලංකාවට පැමිණ ලිංගික වහල් සේවය සඳහා යොදවන බව අනාවරණය වී තිබේ.

මෙම ජාවාරමට හසුවූ ඇතැම් උස්බෙකිස්තාන කාන්තාවන් මෙම විමර්ශන සඳහා සහාය නොදැක්වීමට පියවර ගෙන ඇත්තේ විමර්ශනයේ නීතිමය ක්‍රියාවලියේදී විනිශ්චය ලැබෙනතුරු වසර දෙක තුනක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට සිදු වන බැවින් බව කියැවේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එමෙන්ම මෙම ජාවාරමෙන් පලායන ඇතැම් කාන්තාවන් බොහෝවිට නවාතැන් හෝ ආරක්ෂක නිවාස පිළිබඳ ගැටලුවලට මුහුණ දී ඇත.

බොහෝ විදේශීය කාන්තාවන් රජයේ නවාතැනක සහාය ලබා ගැනීමට අකමැති බවක් පෙන්වන අතර ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ කාර්යාලයක් පෞද්ගලික නවාතැනක් පිළිබඳ වැඩි කැමැත්තක් දක්වන බව ද විමර්ශන නිලධාරීන් අනාවරණය කර තිබේ.

පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් එවැනි ස්ථාන සොයාගැනීමේදී ද ඔවුන්ට ගැටලු මතුවී ඇත.

ඇතැම් වින්දිත කාන්තාවන් විමර්ශන අවසන් වන තෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට කැමැත්ත පළ කර ඇති නමුත් ඔවුන්ට බලපා ඇති මානසික තත්ත්වය නිසා මනෝවිද්‍යාත්මක උපදේශනය ලබා දීමට සිදුවී ඇති බවද සඳහන් වෙයි.

මෙලෙස විදේශීය කාන්තාවන් ජාවාරම් කරමින් මෙරට ගණිකා සේවයේ යොදවන ඇතැම් ගණිකා මඩම් වෙත නීතිවිරෝධීව වුවද එම කටයුතු පවත්වාගෙන යාම සඳහා ප්‍රභූවරුන්ගේ සහාය ද ලැබෙන බව ඩේලි මිරර් වාර්තා කරයි.

පවතින තත්ත්වය මත, අමෙරිකාවේ පුද්ගල ජාවාරම නිරීක්ෂණය සහ මර්දනය කිරීම සඳහා වූ කාර්යාලය විසින් නිකුත් කරන ලද 2022 පුද්ගල ජාවාරම් පිළිබඳ වාර්තාවට අනුව දැනට නිරීක්ෂණ ලැයිස්තුවේ සිටින ශ්‍රී ලංකාව, මිනිස් ජාවාරමට එරෙහිව ප්‍රමාණවත් පියවර ගැනීමට අපොහොසත් වීම හේතුවෙන් පහත හෙලීමට ද ඉඩ ඇති බව සඳහන් ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අක්කර 3750ක්  නීති විරෝධීව ආයෝජකයින් 07කට දීලා.. රඹකැන් ඔය ඉඩම් වංචාව විගණනයෙන් හෙළි වේ…

Next Post

ලංකාවෙන් තවත් ඔමික්‍රොන් ආසාදිතයන් 41ක්… වාර්තා වූ මුලු ගණන 45යි…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.