fbpx
බදාදා, මාර්තු 22, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රවීට එරෙහිව මහ බැංකු බැඳුම්කර චෝදනා පවරා පවත්වාගෙන යන්න බෑ… ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලත් කියති…

නඩුව සම්බන්ධ තීරණයක් ගන්නා ලෙස විනිසුරුවරු නීතිපතිවරයාට නියෝග කරති!

by editor
මාර්තු 15, 2023
in පුවත්
561 6
Ravi-Karunanayake
Share on FacebookShare on Twitter

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායකට එරෙහි චෝදනා පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති නිසා ඔහුට එරෙහි නඩු කටයුත්ත සම්බන්ධයෙන් තීරණයක් ගන්නා ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (15) නීතිපතිවරයාට නියෝග කළේය.

මහාධිකරණය එම නියෝගය ලබා දුන්නේ  අදාළ නඩුව අද දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ  මොහොමඩ් ඉර්ෂඩීන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී ය.

එම අවස්ථාවේදී රවී කරුණානායක   වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු  අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට එරෙහි චෝදනා  පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දුවක් ලබාදී ඇති බව ප්‍රකාශ කරමින් එම තීන්දුවේ පිටපතක් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

එය පරීක්ෂාවට ලක් කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු දමිත් තොටවත්ත සහ මංජුල තිලකරත්න යන  විනිසුරුවරු ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය විසින් රවී කරුණානායකට එරෙහිව නඩු පැවරීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කර ඇති නිසා මේ සම්බන්ධයෙන්  නීතිපතිවරයා තීන්දුවක් ගත යුතු බවය.

සභාපති විනිසුරු දමිත් තොටවත්ත   ප්‍රකාශ කළේ අභියාචනාධිකරණය තීන්දුව පිරික්සීමේදී  රවී කරුණානායකට එරෙහි චෝදනා පවත්වාගෙන යා  නොහැකි ආකාරයක් පෙනී යන බවය.

RelatedPosts

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන අධිකරණය හමුවේ කරුණු දක්වමින් කීවේ රවී කරුණානායක   සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට   මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවය.

මෙම කරුණට අදාළව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා දිනයක් ලබා දෙන ලෙසත් අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා ඉල්ලීමක් කළේය.

එම ඉල්ලීම සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අනතුරුව නඩුව අප්‍රේල් මස 27 වැනිදා කැඳවන ලෙසත් නියෝග කළේය.

එදින නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දෙන ලෙසත් අධිකරණය දැනුම් දුන්නේය.

Tags: නවතම
Share90Tweet56
Previous Post

ලෝකය පුරා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස මිලියන 284ක්… මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්!

Next Post

නිවාස කුලියට ගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් 03ක් සහිත පාතාල කල්ලියක් කඩුගන්නාවෙන් කොටු වෙයි…

Related Posts

පුවත්

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

මාර්තු 22, 2023
පුවත්

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

මාර්තු 22, 2023
පුවත්

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

මාර්තු 22, 2023
Next Post

නිවාස කුලියට ගෙන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම් කරන කාන්තාවන් 03ක් සහිත පාතාල කල්ලියක් කඩුගන්නාවෙන් කොටු වෙයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!

by editor
මාර්තු 22, 2023
0

රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!

by editor
මාර්තු 22, 2023
0

පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

by editor
මාර්තු 22, 2023
0

Muruththettuwe-Ananda-Thero

සෞඛ්‍ය සේවකයින්ට ඔය කියන තරම් වෘත්තීය ප්‍රශ්න නෑ…

by editor
මාර්තු 22, 2023
0

gimhan-vimukthi-removebg-preview

පාඩම් පැහැර හැරි බවට උරණ වී තාත්තා එල්ල කළ කොසුමිටි පහරින් මිය ගිය පුතාගේ මරණයට තාත්තාට ලිහිල් දඬුවමක්!

by editor
මාර්තු 22, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ලෝකය සරසන ලංකාවේ මූර්ති ශිල්පියාගේ මූර්ති 02ක් චීනයේ චෙන්ග්ඩු සංචාරක කලාපයේ ස්ථාපිත කරයි!
  • රැඳවුම් භාරයේ සිටින හරක් කටාගේ සහ කුඩු සළිඳුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන්නේ කෙසේ දැයි අධිකරණයට කරුණු දක්වන ලෙස පොලිසියට නියෝගයක්!
  • පුතාව කණ්ඩායමට තෝරා නොගත්තැයි උරණ වී තාත්තා ක්‍රීඩා භාර ගුරුවරයාට සහ පුහුණුකරුට පහර දීලා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist