බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යුක්තිය මෙහෙයුමේ දී අයුක්ති සහගත ලෙස සිවිල් පුරවැසියෙක් පීඩාවට පත් කළ පොලිසියේ 04ක් අධිකරණය ඉදිරියේ වින්දිතයාගෙන් සමාව ගනී!

by editor
ඔක්තෝබර් 3, 2024
in පුවත්
Police-Officer
Share on FacebookShare on Twitter

යුක්තිය මෙහෙයුම අතරතුර නිරපාරදයේ සිවිල් පුද්ගලයෙකුට හිංසා පැමිණවීම සමබන්ධව පොලිස් නිලධාරීන් පිරිසක් අද (03) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අගතියට පත් පුද්ගලයාගෙන් කොන්දේසි විරහිතව සමාව ඉල්ලා සිටියේය.

අත්අඩංගුවට ගත යුතු පුද්ගලයෙකු යැයි වැරදීමකින් නීතිඥවරියකගේ රියදුරෙකු වු කළුතර ප්‍රදේශයේ පදිංචි සෙල්වරාජ් රාජපාන්ඩි නමැත්තෙකු අල්ලාගෙන මහ මඟදී මාංචු දමා ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් වින්දිත පුද්ගලයා
ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම සමාව ඉල්ලීම සිදුවුණි.

මෙම පෙත්සම අද ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පූලි සහ මහින්ද සමයවර්ධනගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී අගතියට පත් පුද්ගලයාගෙන් අධිකරණය ඉදිරියේ සමාව ගනු ලැබුවේ, මීගමුව පොලිස් ස්ථානයට සම්බන්ධ පොලිස් සැරයන් දිසානායක, ප්‍රේමරත්න පොලිස් කොස්තාපල්වරුන් වූ රත්නසිරි, සේනාධිර සහ නානායක්කාර යන සිවු දෙනාය. .

පෙත්සම්කරු කියා සිටින්නේ, ඉකුත් ජනවාරි මස 16 වනදා තමන් මීගමුව අධිකරණයට ගොස් යළි වාහනයෙන් පැමිණි අවස්ථාවේදී යතුරුපැදිවලින් පැමිණි සිවිල් ඇඳුමින් සැරසී සිටි පිරිසක් වාහනය ඉදිරියෙන් මාර්ගය හරස්කොට නැවැත්වූ බවය.

ඉන්පසුව “අපි පොලීසියෙන්” යැයි සඳහන් කළ සිවිල් ඇඳුමින් සැරසි සිටි එම පිරිස තමන්ව පරීක්ෂා කර දෑතට මාංචු දැමූ බවත් තම දකුණු අතේ පච්චයක් තිබේදැයි පරීක්ෂා කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

පසුව තම අතේ පච්චයක් නොමැති බව තහවුරුවීමෙන් පසුව “මෙයා නෙවෙයි…වැරදීමක්” යනුවෙන් සඳහන් කරමින් එම පිරිස පිටව ගිය බවත් පෙත්සම්කරු කියා සිටියේය.

පසුව සිදුකළ සොයා බැලීම්වලදී මෙම නිලධාරීන් පිරිස මීගමුව පොලීසියට අනුයුක්ත පිරිසක් යැයි කරුණු තහවුරු කරගත් බවත් ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේය.

වගඋත්තරකාර පොලිස් නිලධාරින් එම ක්‍රියාවෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සම්කරු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දහම් සිරිසේන මව්බිම ජනතා පක්ෂයට එක් වෙයි!

Next Post

ඡන්ද පිට ඡන්ද… මහ මැතිවරණය නිමා කළ වහාම පළාත් පාලන මැතිවරණයට දින නියම කරනවා… මැතිවරණ කොමිසම කියයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.