බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

යහපාලන කාලේ කෘෂිකර්ම අමත්‍යාංශය බද්දට ගත්තු සබීතගේ ගොඩනැගිල්ලට තැන්පත් කළ කෝටි 62ක තැන්පත් මුදල තවමත් අරන් නෑ… කෘෂිකර්ම ලේකම් කියයි!

by editor
ඔක්තෝබර් 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

යහපාලන සමයේ සබීතා පෙරෙරා ගේ සැමියාට අයත් රාජගිරියේ පිහිටි ඩී.පී.ජේ. ටවර් ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් බදු පදනම මත ලබා ගැනීමේ දී ගොඩනැගිල්ල හිමිකරුවන් භාරයේ තැබූ කෝටි 66ක තැන්පත් මුදල තවමත් රජයට ලැබී නැති බව අද හෙළි දරවු වූයේය.

කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් එම්.පී.එම්. වික්‍රමසිංහ අද හෙළිදරවු කළේ අදාල ගොඩනැගිල්ල ආපසු භාර දී වසර ගණනාවක් ගතවී ඇති නමුත් අදාල මුදල රජයට ලැබී නොමැති බවය.

කෘෂිකර්ම ලේකම්වරයා ඒ සම්බන්ධව කිවේ මෙවැනි කතාවකි.

“කෘෂිකර්ම අමාත්‍යාංශය සම්බන්ධව කතා කළහොත් ඇත්තටම විවිධාකාරයේ අවිධිමත් ගනුදෙනු සම්බන්ධවත් අපට වාර්තා වෙනවා. උදාහරණයක් වශයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයට පෞද්ගලික අංශයෙන් ගොඩනැගිල්ලක් කුලියට අරන් තිබුණා. මේ කුලියට ගැනීම සම්බන්ධයෙනුත් යම් යම් ආකාරයේ විවේචනයන් තිබුණා. එම ගොඩනැගිල්ල කුලියට ගන්නා අවස්ථාවේ දී රුපියල් කෝටි 66ක තැන්පත් මුදලක් තබලා තියනවා.”

“සාමාන්‍යයෙන් තැන්පත් මුදලක් රජයේ මුදල්වලින් තියනවා නම් ඒකට බැංකුවකින් බැඳුම්කරයක් ලබා ගන්නවා. එහෙම බැඳුම්කරයක් ලබාගෙනත් නෑ, ”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

“දැනට මේ බිල්ඩින් එක භාර දීලා වසර ගණනක් වෙනවා. ඒ කෝටි හැට හයක තැන්පත් මුදල ලබාගෙනත් නෑ, ලබා ගැනීමට කටයුතු කරලත් නෑ. මේ සම්බන්ධයෙන් මම නීතිතුමා දැනුම්වත් කරලා දැනට කටයුතු කරමින් පවතිනවා. නීති මාර්ගයෙන් මොකක්ද කරන්න පුලුවන් කියලා සොයා බැලීමට.”

කෘෂිකර්ම ලේකම් වරයා කීවේය.

කෘෂිකර්ම අමාත්‍යංශයට මෙම ගෙඩනැගිල්ලේ පවත්වා ගැනීමට මසකට රුපියල් ලක්ෂ 240ක  වියදමක් දැරීමට සිදුවූයේය. කෘෂිකර්ම අමාත්‍යාංශය රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලකට ගෙනයෑමේ දී සිදුවූ රාජ්‍ය මුදල් අවභාවිතය සම්බන්ධව කෝප් කමිටුවේ මෙන්ම එකල ආණ්ඩුවේ වංචා දූෂණ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ ද අවධානය යොමු වූයේය.

කොමිසම හමුවේ හෙළිදරවු වූ කරුණු අනුව මෙම ගොඩනැගිල්ලට රජය වැය කළ මුළු මුදල රුපියල් බිලියන දෙකයි මිලියන සීයකට ආසන්න බව හෙළි වූයේය.

බදු ගිවිසුම් වසර පහක් සඳහා අත්සන් කර තිබුණේ මූල්‍ය රෙගුලාසි උල්ලංඝණය කරමින් බවත්, රාජ්‍ය ආයතනයක් සඳහා එවැනි බදු ගිවිසුම් අත්සන් කළ හැක්කේ උපරිම අවුරුදු තුනක් සඳහා පමණක් බව වාර්තා විය. ගොඩනැගිල්ල සඳහා බදු ගිවිසුම් සඳහා නිතිපති අනුමැතය ද ලබාගෙන නොතිබුණු බව හෙළි වී තිබිණි.

බදු  ගැනීම සඳහා තැන්පත් කළ රුපියල් කෝටි  62ක තැන්පත් මුදල තවමත් ලබාගෙන නැත්තේ ඒ පසුබිමේ දි ය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දේශපාලනිකව අවලංගුවුන මනුස්සයෙක් ඡන්දයක් කටේ තියාගෙන නටන නැටිල්ල ගැන ලාල් කාන්ත කියයි!

Next Post

අල්ලස් චෝදනාවට වරදකරු වූ පේරු හිටපු ජනපති අවුරුදු 20ක් බන්ධනාගාරයට…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.