බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මේක වැඩ්ඩන්ගේ පක්ෂයක්… බයියො, ටොයියෝ, කයියෝ එපා… එක්සත් ජනරජ පෙරමුණ අරඹමින් චම්පික කියයි!

by editor
මැයි 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සිය පක්ෂයට බයියෝ, ටොයියෝ, කයියෝ තුන් වර්ගයම අවශ්‍ය නොවන බවත් අවශ්‍ය වන්නේ වැඩ්ඩන්ගේ වේදිකාවක් බවට මේ පක්ෂය පත් කර ගැනීම බවත් එක්සත් ජනරජ පෙරමුණේ ආරම්භක සමුළුව අමතමින් එහි නායක පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

එලෙසම අවරගණයේ ජනකාන්තවාදීන් ද සිය පක්ෂයට අවශ්‍ය නොවන බව ද ඔහු පැවසීය. මේ වන විටත් සිය පක්ෂය හා එක් වී සිටින්නේ පාඩු ලැබූ විදුලි බල මණ්ඩලය කෝටි 2000ක් ලාභ ලබන ආයතනයක් බවට පත් කළ කණ්ඩායම, තෙල් මිල අඩු කළ නොහැකි බව පවසද්දී ටෙන්ඩර් 4ක් මාරු කරමින් තෙල් මිල අඩු කිරීමට උර දුන් කණ්ඩායම සේම අවුරුදු 70ක් පැරණි තෙල් නල පද්ධතිය අලුත්වැඩියා කළ ඉංජිනේරු කණ්ඩායම වැනි දක්ෂ පිරිසක් බව ඔහු පෙන්වා දුන්නේය.

ජනාධිපති පවා අකැමැත්ත පළ වරාය නගරය මාස 26ක කාලයක් තුළ සෑදීමට තමන් ඇතුලු පිරිසට හැකි වූ බවත් මේ වන විටත් බංකොලොත් වී තිබෙන රට වසර තුනක් ඇතුළත යළි යහපත් අතට හරවන සැලැස්ම සිය පක්ෂය සතු බව ද රණවක මහතා සඳහන් කළේය.

“අපේ රටේ ධනෝත්පාදනය කරන්න අවශ්‍ය වන්නේ තිරසර සමාජ ආර්ථික වෙළෙඳපොලක්.. දූෂණය නැති වූ පමණින්ම රටක් දියුණු වෙන්නේ නෑ.. ධනෝත්පාදන ක්‍රමයක් තියෙන්න ඕනේ.. අපි ළඟ තියෙනවා ඒකට අවශ්‍ය සැලසුම.. තිරසර නිර්මිත පරිසරයක්.. සංතෘෂ්ටික ජීවිතයක් ගෙවන්න පුළුවන් වැඩපළිවෙලක් අපි ළඟ තියෙනවා.. මීට කලින් හරිත බලශක්තිය තේමා ඇති කළේ අපි.. සූර්ය බලකෝශ ආර්ම්භ කරලා මෙගාවොට් 700ක් උත්පාදනය කරනවා දැන්.. ප්‍රධාන සුළං බලාගාර ඇති කළා.. ඉස්සරහට පොදු ප්‍රවාහනය ශක්තිමත් කරන්න ප්‍රවාහන ක්‍රමවේද ගේනවා.. මිනිස්සුන්ට පහසුවෙන් සැපපහසුවට ගමන් කරන්න පුළුවන් විදියට ප්‍රවාහනය ශක්තිමත් කරනවා..”

නව පක්ෂයේ නායකවරයා සඳහන් කළේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අද ශ්‍රී ලංකාවේ ජනරජ දිනය බවත් සිය පක්ෂයේ ආරම්භය ද මේ දිනයට ගෙන ආවේ එම දිනය ඉතා වැදගත් නිසා බවත් ඔහු සඳහන් කළේය.

පක්ෂ 83ක් තිබුණත් නව පක්ෂයක අවශ්‍යතාවයක් රටට තිබෙන අතර කෙටි කලකින් රටේ කඩා වැටීම නවතා ධනාත්මක පරිවර්තනයක් ඇති කරන පක්ෂයක් තිබිය යුතුම බව ඔහු පැහැදිලි කළේය. එලෙසම මුස්ලිම්, සිංහල, උඩරට, පහතරට, ආගමික හා ආදි ශිෂ්‍ය වැනි දේශපාලනයන් තවදුරටත් ශ්‍රී ලංකාවට නොගැලපෙන බවත් මේ අර්බුදයෙන් ගැලවීමට කළ යුත්තේ මෙවැනි අනන්‍යතා දේශපාලනයන්ගෙන් මිදී කටයුතු කිරීම බව ද ඔහු පැහැදිලි කළේය.

තමන්ගේ අරමුණ අනාගත දරුවන්ට රට යහපත් රටක් කරමින් බාර දීම මිසක පවුල් දේශපාලනයක් කරමින් සිය බලය තහවුරු කර ගැනිම නොවන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඝාතන සැකකරුවෙක් ආයුධත් සමග කොටු….

Next Post

පාදෙනිය ගිහින් අවුරුද්දයි… ඔහු නැති අවුරුද්ද තුළ GMOA සාමාජික මුදලින් ලක්ෂ 260ක් ඉතිරියි…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.