කසිප්පු ජවාරමක් සම්බන්ධව ඇති වූ ආරවුලක් හේතුවෙන් පසුගිය අප්‍රේල් 15 වැනිදා සංගීත සංදර්ශයක් අතර තුර 36 හැවිරිදි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර 18 හැවිරිදි තරුණයෙකුට මාරක තුවාල කිරීම සම්බන්ධ මිනීමැරම් සැකකරු එම ඝාතනය සිදුකළ මීලිමීටර 9 වර්ගයේ ගිනි අවිය සහ පතරොම් ගැබක් සමග අද උදේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සමග එම මිනී මැරුමට සහය දුන් තවත් පුද්ගලයෙක් ද අත්අඩංගුවට ගෙන ඇත. ගාල්ල පියැදිගම ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. සැකකාර පුද්ගලයින් වයස අවුරුදු 30 සහ 32 වයස්වල පසුවන ගිංතොට සහ ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
අපරාධ සැකකරුවන් හෙට (23) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.