සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින් පසු පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මැරෙන්නෙ නෑ… පොලිස්පති  අධිකරණයට සහතික වෙයි…

by editor
අප්‍රේල් 4, 2023
in පුවත්
Police
Share on FacebookShare on Twitter

ඒ. ජේ. ඒ. අබේනායක

  • පොලිස් භාරයේ සිටිය දී සැකකරුවන් මරණයට පත්වීම වැළැක්වීම සඳහා මාර්ගෝපදේශන මාලාවක් ඇතුළත් චක්‍රලේඛයක් පොලිස්පති අධිකරණයට ඉදිරිපත් කරයි…

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් පොලිසිය භාරයේ සිටියදීම මරණයට පත්වීම වැළැක්වීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ  මාලාව ඇතුළත් චක්‍රලේඛය  පොලිස්පතිවරයා විසින් ඊයේ (03දා) ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය

පොලිස්පති ඩී.සි. වික්‍රමරත්න

පසුගිය පෙබරවාරි 03 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් කරන ලද නියෝගයක් අනුව පොලිස්පතිවරයාගේ සෘජු අධීක්‍ෂණය යටතේ පොලිස් නීති කොට්ඨාසය විසින් සකස් කරන ලද එම මාර්ගෝපදේශ  මාලාව හා චක්‍රලේඛය පොලිස්පතිවරයා ඊයේ පෞද්ගලිකව අධිකරණය හමුවේ පෙනී සිටිමින් නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළේය.

පොලිස්පතිවරයා විසින් පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද එකී මාර්ගෝපදේශ මාලාව හා චක්‍රලේඛ මගින් පොලිස් අත්අඩංගුවට පත්වන පුද්ගලයන් පොලිස් ස්ථාන තුළ රඳවා සිටියදී හෝ විවිධ පරීක්‍ෂණ කටයුතු සඳහා පිටතට රැගෙන යෑමේදී මරණයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය සියලු උපදෙස් ලබා දී ඇති බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් නිරතුරුවම ඒ සම්බන්ධයෙන් අධීක්‍ෂණයෙන් පසුවන බවත් පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නේය.

තම අධිකරණයේ එකම අපේක්‍ෂාව වන්නේ පොලිස් අත්අඩංගුවේදී එවැනි මරණ සිදුවීමෙන් පොලිස් දෙපාර්තමේන්තුවට සිදුවන අපකීර්තිය වැළැක්වීම බවත් තම අධිකරණය නිකුත් කළ නොතිසි නියෝගය අනුව අධිකරණය හමුවේ පෙනී සිටීම සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මින් පෙර කර තිබූ නියෝගයක් අනුව එකී මාර්ගෝපදේශ මාලාව සකස් කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට සිය ස්තූතිය පුදකරන බව ද සභාපති විනිසුරු බුවනෙක අළුවිහාරේ විවෘත අධිකරණය හමුවේ පැවසීය.

පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද විවිධ පුද්ගලයන් විවිධ විමර්ශන සඳහා පිටතට රැගෙන යෑමේදී පොලිස් වෙඩි පහරින් මියයෑමේ සිද්ධීන් වළක්වා ගැනීම සඳහා නිසි මාර්ගෝපදේශ මාලාවක් සකස් කර පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් දැනුවත් කිරීමට හා එම මාර්ගෝපදේශ මාලාව තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එම නියෝගය ඉටුකිරීම පැහැර හැරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන්නැයි ද දන්වා නිකුත් කර තිබූ නොතිසි අනුව පොලිස්පති චන්දන වික්‍රමරත්න ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටියේය.

අධිකරණය විසින් කළ නියෝගය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වූයේ එකී මාර්ගෝපදේශ මාලාව සම්බන්ධයෙන් පුළුල්ව අධ්‍යයනය කර එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමට යම් කාලයක් ගතවීම නිසා බවත්, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා කනගාටුව ප්‍රකාශ කර සිටින බවත් පොලිසිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ පැවසීය.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් සමඟ එක්ව අධිකරණය හමුවේ පෙනී සිටිමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා කළ එම කරුණු දැක්වීම් සලකා බැලූ බුවනෙක අළුවිහාරේ, ගාමිණී අමරසේකර හා අර්ජුන ඔබේසේකරගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල එම නඩු කටයුත්ත අවසන් කොට පොලිස්පතිවරයා අදාළ නඩු කටයුත්තෙන් මුදාහැරීමට නියෝග කළේය.

2006 වසරේදී කොම්පක්‍ඳ්ක්‍ඳවීදිය පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ මොහොමඩ් ඉර්ෂාන් නමැති සිය සැමියා පොලිස් වෙඩිපහරින් මියයෑම අභියෝගයට ලක්කරමින් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක වන පාතිමා ෂර්මිලා නමැත්තිය විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨාධිකරණය පෙර කී මාර්ගෝපදේශ මාලාව සකස් කරන ලෙසට පොලිස්පතිවරයාට නියෝග කොට තිබිණි.

දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

සංචාරක කර්මාන්තයෙන් ගොඩයන්න ඉන්න රටක් හෝටල් හිමියන්ගේ ඉරණම තීන්දු කරන හැටි!

Next Post

අඩුවන ලිට්රෝ ගෑස් මිල ප්‍රකාශයට පත් වෙයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.