කීර්ති ප්‍රනාන්දු –
අඩු වුන ලිට්රෝ ගෑස් මිල ගණන් අද ප්‍රකාශයට පත් වූයේය.
කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් 1005කින් අඩු වී තිබේ.
පැවති මිල රුපියල් 4743කි. නව මිල රුපියල් 3728කි.
කිලෝ ග්‍රෑම් 5ක ලිට්රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 402කින් මිල අඩු වේ.
පැවති මිල රුපියල් 1904කි. නව මිල රුපියල් 1502කි.
කිලෝ ග්‍රෑම් 203ක සිලින්ඩරය රුපියල් 183කින් අඩු වේ.
පැවති මිල රුපියල් 883කි. නව මිල රුපියල් 700කි.







