සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැරයන්ට බයේ ඉල්ලා අස් වන්නේ නෑ… වර්ජකයිනට එරෙහිව රුහුණු උපකුලපති අගමැතිණියට දන්වයි!

by editor
නොවැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ට ඉල්ලා අස්වන ලෙස බලකරමින් රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය, ශිෂ්‍ය සංගම්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සාමුහික තීරණයක් මත අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතත් එම කිසිම සංගමයක අවශ්‍යතාවය මත තමන් රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරයෙන් ඉල්ලා අස් නොවන බව ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන උසස් අධ්‍යාපන විෂය භාර අමාත්‍යවරිය මෙන්ම අගමැතිවරයද වන ආචාර්ය හරිනි අමරසූරිය වෙත ලිඛිතව දන්වා තිබේ.

උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මේ ලිඛිත දැන්වීම සිදුකරන්නේ මුග්ධ අනම්‍ය මෙන්ම අශාස්ත්‍රීය හැසිරීම් සහිත  ඉතිහාසයක් ඇති බව කියමින්  රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා එම ධූරයෙන් ඉවත් කරන ලෙස බලකෙරෙන අඛණ්ඩ වැඩ වර්ජනයක්  අද උදෑසන 9 සිට රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය විසින් ආරම්භ කර ඇති පසුබිමකය.

ශිෂ්‍ය සංගම්වල මැර මානසිකත්වයට, වෘත්තීය සංගම්වල අසාධාරණ වෘත්තීය ඉල්ලීම්වලට, මැරකම්වලට හෝ වෙනත් බලපෑම්වලට තමන් බියට පත්නනොවන බව ප්‍රකාශ කරමින් උපකුලපතිවරයා අගමැතිවරියට ලිඛිතව දන්වන්නේ වැඩ වර්ජනය සම්බන්ධයෙන් අද පස්වරු 4.30ට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සමග සාකච්ඡාවක් සිදුකිරීමට නියමිත බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත විසින් මාධ්‍ය දැනුම්වත් කර ඇති අවස්ථාවේදී ය.

උපකුලපතිවරයා අගමැතිවරියට  පවසන්නේ පීඨ කීපයක් එක්ව මෙම වර්ජනය ආරම්භ කර ඇති බවත්, වරදක් නොකළ තමන්  වෘත්තීය සමිති, ගුරු සංගම් ප්‍රකාශ කරන ආකාරයට  ඉල්ලා අස් වීමට සූදානම් නොවන බවත්ය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඕනෑම තීරණයක් ගත යුත්තේ තමන්ගේ නිදොස් බව ඔප්පු කිරීමට ප්‍රබල සාක්‍ෂි ගෙන ඒම සඳහා තමන්ගේ කතාවටත් සවන් දීමෙන් පසුව පමණක් බව පවසන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය ට තමන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට බොහෝ අවස්ථා දී ඇති අගමැතිවරිය  මෙම චෝදනාවලට පිළිතුරු දීමට තබා සාකච්ඡාවකටවත් තමා කැඳවා නැතැයි චෝදනා කරයි. තමන් ඉල්ලා අස් නොවන්නා සේම මැරකම්වලට තමන් බිය නොවන බව ද නීති රෙගුලාසි අනුව වැඩ කරන බව ද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා අගමැතිනියට පවසයි.

තමන්ගේ දක්ෂතාවය සහ කුසලතාව පිළිබඳ වූ දීර්ඝ විස්තරයක් ද ඔහු අගමැතිවරිය වෙත ඉදිරිපත් කර තිබේ. තමන් විමර්ශන 07කට ලක්ව නිදොස් වී ඇති බවත් මේ තරම් විමසීමකට සහ පරීක්ෂාවකට ලක් කළ කුලපතිවරයෙක් ඉතිහාසේ සිටින්නට නැති බවත් ඔහු දන්වයි.  ඉදිරියේදීත් ඕනෑම පරීක්‍ෂණයකට මුහුණ දීමට තමන් සූදානම් බවත්, තමන් ඉල්ලා සිටින්නේ මේ පරීක්ෂණ පැවැත්වීමේ සාධාරණත්වය පමණක් බවත් ඔහු පවසයි.

රුහුණු විශ්වවිද්‍යාලයේ උසස්වීම් සඳහා ව්‍යාජ හෝ කොල්ලකාරී ප්‍රකාශන භාවිතය ඉවත් කර සියලුම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණවල සාධාරණත්වය විනිවිදභාවය තහවුරු කිරීමට වීඩියෝ පටිගත කර අනීතික ක්‍රියා අවම කීරීම  රුහුණු විශ්වවිද්‍යාලයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සියලුම දූෂිත ක්‍රියාවන් නැවැත්වීමට  පියවර ගැනීම,  තමන්ගේ නායකත්වයෙන් යුත් කවුන්සිලයේ  දූෂණය සම්බන්ධයෙන් සමහර කාර්ය මණ්ඩල සාමාජිකයින්ට දඬුවම් කර සේවයෙන් පහ කිරීමට කටයුතු කිරීම මෙම විරෝධතාව පිටුපස ඇති සැබෑ හේතු  බව ද උපකුලපතිවරයා පවසිය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා උසස් අධ්‍යාපන විෂය ද භාර අගමැතිවරිය වෙත යැවූ ලිපිය පහත දැක්වේ.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ධූරය අමාත්‍ය නලින්ද ට…

Next Post

අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ… මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධනම තමයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.