fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මැනිං වෙළඳපල ඝාතනය සම්බන්ධව මැනිං වෙළඳපලේ ප්‍රධාන ආරක්ෂක කළමනාකරු අත්අඩංගුවට…

සති 2ක් ago
in පුවත්
493 5
0
Share on FacebookShare on Twitter

ඊයේ  (21) පෑලියගොඩ, මැනිං වෙළඳපොලේ දී වෙඩි තබා ඝාතනය කළ අඹ ශානක නැමත්තාගේ ඝාතකයන් එම ඝාතනය කිරීමට  පෙර මැනිං වෙළෙඳපල ප්‍රධාන ආරක්ෂක කළමනාකරුගේ නිවසේ පැයක පමණ කාලයක් ගත කර ඇතැයි පොලිස් විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

මෙම කළමනාකරු හමුදාවේ විශ්‍රාම ගිය නිලධාරියෙකි.  ඔහු සහ මෙම ඝාතකයන් ඝාතනයට පෙර හමුවීම සම්බන්ධව විමර්ශන අංශවල දැඩි අවධානයට ලක් වී තිබේ.

මේ තොරතුරු ඔස්සේ පරීක්ෂණ අරඹා ඇති කණ්ඩායම  මේ වනවිට ආරක්ෂක කළමනාකරුව හා ඝාතකයන් පැමිණි රථය වාහන කුලී පදනමින් ලබා දෙන ආයතනයෙන් වෙන් කරගත් පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම වාහනය වෙන් කරගත් තැනැත්තා  නිරන්තරයෙන් මැනිං වෙළඳපලට යන එන අයෙක් බව   අනාවරණය වී ඇත. වාහනය පදවාගෙන එන්නට ඇත්තේ ඔහු බව විමර්ශකයන් සැක කරයි.

වාහන පදවාගෙන යන හැකි සේ සකස් කර තිබෙන මැනිං වෙළෙඳපලේ දෙවැනි මහලට කෙලින්ම රිය පදවාගෙන ගිය ඝාතකයින්  එම ඝාතනය සිදුකර රථයෙන්ම පලාය ගොස් ඇති බවත්  ප්‍රධාන දොරටුව වසා දැමුවේ නම් ඝාතකයින් එතැනම කොටු කරගත හැකිව තිබූ බවත් පොලිසියට පෙනී ගොස් ඇත.

මේ ඝාතනය  පසුපස කෙසෙල්වත්ත පාතාලයේ බලය තහවුරු කරගැනීම සඳහා විටින් විට සිදුවන මරා ගැනීමේ තවත් දිගුවක් බව පොලිසිය සැක කරයි.

මෙම ඝාතනය මෙහෙයවන්නේ   දැනට ඉන්දියාවේ බන්ධනාගාරගතව සිටින ධනුක නැමැති පාතාලයා බවට ද   තොරතුරු අනාවරණය වී තිබේ.

මෙසේ ඝාතනයට ලක් වූ  අඹ ශානක නැමැත්තා මින් පෙර අවස්ථා ගණනාවක දී ප්‍රතිවරුද්ධ පාතාලයන් විසින්  ඝාතනය කරන්නට උත්සාහ කර ඇති බවත් එම ඝාතන උත්සාහයන් වලදී ඔහුගේ ජීවිතය බේරුණත් ඔහු සමග සිටි අය මිය ගොස් ඇති බවත්  පොලිසිය පවසයි.

මියගිය පුද්ගලයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මැනිං වෙළඳපොලේ පළතුරු කඩ කිහිපයක් හිමි    ව්‍යාපාරිකයෙකි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, රතිඳු සේනාරත්න ( රැට්ටා ) ඇතුළු 07 දෙනා ලබන 01 තෙක් රිමාන්ඩ්!

Next Post

ඉන්දියාව කරන්න යන නවතම තාක්ෂණික විප්ලවය

Related Posts

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

ජූලි 4, 2022
Anura Dissanayaka

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

ජූලි 4, 2022

කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…

ජූලි 4, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • 2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…
  • කෝටි 19ක රන් බිස්කට් ස්වර්ණාභරණ සහ විදේශ මුදල් කටුනායක දී කොටු…
  • බඩගින්න…
  • ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

ජනප්‍රිය පුවත්

  • නාමල්ගේ අලුත් ආණ්ඩු කපුකමට ගිය වාසු සෙසු පක්ෂ නායකයින්ගෙන් බඩ කට පුරා අහගනී…   

    233 shares
    Share 93 Tweet 58
  • රටේ තෙල් සංචිත බින්දුවට හින්දා  කාංචන කටාර් ගියේ නාමල්ගේ කොම්පැණියෙන් තෙල් ගෙන්වන ඩීල් එකට ද?

    266 shares
    Share 106 Tweet 67
  • මැයි 09 බේරේ වැව වටේ සිදුවූ දේ සිහි කර  ඉන්ධන ගනුදෙනුවලින් ඉවත් වන්න… චම්පික නාමල්ට කියයි…

    212 shares
    Share 85 Tweet 53
  • හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉන්ධන පෝලිමේ දී වෛද්‍යවරුන් දෙදෙනෙකුට පහර දුන් ගුරුවරයා අත්අඩංගුවට…

    173 shares
    Share 69 Tweet 43
  • මේ වගේ මුග්ධ ආණ්ඩුවකට  අරාබි රටවලින් තෙල් නෙමෙයි වතුරවත් ලැබෙන්නෙ නෑ… හේතුව මුජබර් කියයි….

    181 shares
    Share 72 Tweet 45

Highlights

බඩගින්න…

ගෝල්ෆේස් අරගලයේ අනුරුද්ධ බණ්ඩාර සහ ඩිලාන් සේනානායක යළි සී.අයි.ඩී කැඳවයි…

බඩගින්නෙන් බේරෙන්න ඉන්දියාවට පලා ගොස් වෙරළේ සිහි සුන් වී සිටියදී හමුවුණ ඒ අම්මයි තාත්තයි මැරිලා…

මුලතිව් වෙරළට ගොඩ ගැසූ දූර්ලභ දැවැන්තයා…

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන පරිපාලන නිලධාරිනිය කපා කොටා ඝාතනය කරලා…

බෙම්මුලේ දී  පොලිස් වෙඩි පහරින් පාතාල සැකකරුවෙක් මිය යයි…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

2022 උසස් පෙළ මාසයකින් කල් යයි… 2021 උසස් පෙළ ප්‍රතිඵල ආගොස්තුවේ…

by editor
ජූලි 4, 2022
0

2022 අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස්...

Anura Dissanayaka

හෙට හෝ අනිද්දා විදෙස් මැදිහත් වීමකින් ගහනවා කියන බෝම්බය ගැන අනුර රජයෙන් ප්‍රශ්න කරයි…

by editor
ජූලි 4, 2022
0

ජුලි මස 05 වැනිදා හෝ 6...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist