අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් නියෝග කළ ගෝඨාගෝගම අරගලකරුවන් වන දක්ෂ යොවුන් රංගන ශිල්පීන්වන ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා, තරුණ සමාජ ක්‍රියාකාරිකයෙක් වූ ලහිරු වීරසේකර, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි , එරංග ගුණසේකර, අද පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 01 දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
පසුගිය 09 සහ 10 දෙදින තුළ කොළඹ – කොටුව සහ තලංගම ප්‍රදේශයන්හි ඇතිවූ කළහකාරී සිද්ධි සම්බන්ධ පොලිසිය විසින් සැකකරුවන් ලෙස නම් කරන ලදුව ගොල්ෆේස් අරගලකරුවන් 09 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙසකොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
මෙසේ අත්අඩංගුවට ගැනීමට නියෝග කළේ ජගත් මනුවර්ණ, ජෙහාන් අප්පුහාමි, ලහිරු වීරසේකර ධම්මික මුණසිංහ, පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි, පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන්, එරංග ගුණසේකර, යන නව දෙනාය. .
ඒ අනුව අද දිනයේ පූජ්‍ය පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් සහ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ හැර අනෙකුත් පිරිස ගාලුමුවදොර අරගල භූමියේ සිට පාගමනින් කොටුව පොලීසියට පැමිණියහ.
කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසලින් මාර්ග බාධක යොදා ගමනාගමනය අවහිර කර තිබීම හේතුවෙන් කොටුව පොලිසිය වෙත පැමිණීමට නොහැකි වූ පිරිස අනතුරුව පාග ගමනින් මරාදන පොලිසියට පැමිණ භාර වූහ.