බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මා මැරුවොත් එහි වගකීම ජනාධිපතියි සාගල රත්නායකයි ගත යුතුයි… ක්‍රීඩා ඇමති රොෂාන් පාර්ලිමේන්තුවේ දි කියයි!

ක්‍රිකට් දූෂණ වලක්වන්න මේ ජනාධිපති කටයුතු නොකළොත් වෙන ජනාධිපතිවරයෙක් පත් කරගෙන හරි අපි ඒක නතර කරනවා...

by editor
නොවැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ගේ ජීවිතය ඇත්තේ අවදානමක බවත් ජීවිතයට යම් අනතුරක් සිදුවුවහොත් එහි වගකීම ජනාධිපතිවරයා සහ සාගල රත්නායක විසින් භාරගත යුතු බවත් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

තමන් අනාරක්ෂිත බව කී ඇමතිවරයා ජීවිත අවදානමක් සහිතව, කුඩු ටිකක්, සල්ලි ටිකක් දමා තමන් අත් අඩංගුවට ගැනීමේ අනාරක්ෂිත තත්ත්වයක් ඇති විට සාගල රත්නායක වාහන හතර පහක එස්.ටී.එෆ් ගාර්ඩ් පිට යන බව පැවසුවේය.

ජනාධිපතිවරයාම පාර්ලිමේන්තුවට පැමිණ තමන් පිළිබඳ වැරදි චිත්‍රයක් අධිකරණයට ඇති කළ බව කී ඇමතිවරයා  ඊට සමගාමීව   තමන්ගේ වාහන අංගන පරීක්ෂා කර හොර රහසේ ගෙන්වන ලද වාහන සම්බන්ධව අමූලික බොරු සමාජගත කිරීමට ඉඩ හරින බව කීවේය.

දැන් ජනාධිපතිවරයා කෝප වී සිටින  ක්‍රිකට් සම්බන්ධව තමන් ගත් තීරණය ගත්තේ හදිසියෙන් නොව, කාලයක් තිස්සේ කරන ලද දැඩි අධීක්ෂණයකින් බවත්, ඒ සඳහා කළ විගණන කමිටු වාර්තාවලින් අන්ත දූෂිත හොරකම් හෙළි වී තිබිය දී හොරුන්ට දඩුවම් නොදී තමන් පසුපස ජනාධිපතිවරයා පන්නන්නේ කුමක් නිසා දැයි තමන්ට නොවැටහෙන බව ඇමතිවරයා පැවසුවේය.

මේ ජනාධිපතිවරයා 69 ලක්ෂයේ ජන වරමින් පත් කරගනු ලැබුවේ ඔහු ලද දේශපාලන අත්දැකීම් සම්භාරය මෙන්ම ඔහු ඉදිරිපත් කළ  දූෂණය නිමා කිරීමේ තේමාපාඨය ද   නිසා බව ඇමතිවරයා කීවේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එසේ පැමිණි ජනාධිපවරයා දැන්   දූෂණයට එරෙහිව ක්‍රියාකළ තමන්ට පහර දෙන බවත්, .    කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නට හැකි බවත් කී රොෂාන් රණසිංහ ඇමතිවරයා පලි නොගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

“ මා හිතනවා මේක දේශපාලනයේ ඊරාවක් වෙන්න ඔන. ඒ දේශපාල ඊරාවේ  මගේ ජීවිතය නැති වෙන්න පුලුවන්. මාව මහ මග මරා දමන්න පුලුවන්. ඒක හෙටද අදද අනිද්ද කියන එක දන්නේ නෑ. ඒකට ජනාධිපතිත් සාගල රත්නායකත් වග කියන්න වේවි. “

“මේවා හැන්සාඩ් එකේන් කපන්න එපා. හැබැයි මේ 134ක් ඡන්දය දුන්නේ එතුමාට ජනාධිපති වෙලා මේ විදිහට අපෙන් පලි ගන්න ද කියන ප්‍රශ්නය තියනවා.”

“සාගල රත්නායක කියන්නෙ  මොකෙක් ද?. කැබිනට් නියෝගයක් ගහනවා කැබිනට් ඇමතිලා දන්නෙ නැතිව.   ක්‍රීඩා පනතේ මට බලය දුන්නේ ක්‍රීඩා පනතින්.  මම නැති අතරේ පනතේ තියන මගේ බලතලා කප්පාදු කරලා කැබිනට් ඇමතිවරුවත් දන්නේ නැතිව.”

මේ කැබිනට් පත්‍රයේ කියන්නේ පනතින් දීපු බලය පාවිච්චි කරලා    අතුරු පාලක මණ්ඩල පත් කරන්න එපා කියලා. පත් කරනවා නම් කැබිනට් මණ්ඩල අනුමැතිය ගන්න කියලා. මේක ගත්තු විදිහ කොහොමද?.”

“ගිය සතියේ සඳුදා 3ට කැබිනට් මණ්ඩලයට ගියා. තුනේ ඉඳන් කැබිනට් එකේ හිටියා. හතර වැනියට අලි සබ්‍රි ඇමතිතුමා දැම්මා ක්‍රිකට් ගැන. සබ් කමිටි එකෙන් ඒකට අදාල ක්‍රියා මාර්ග ගන්නවා කිව්වා. මං හිතුවා ක්‍රිකට් ගැන කතා කරලා ඉවරයි කියලා. 4.20ට රාජ්‍ය තාන්ත්‍රික මුණගැසීමකට මා නැගිටලා ආවා .

මම දවස් හතරකට පස්සේ කැබිනට් තීරණයක් ගත්තා කියලා පත්‍රිකාවක් එනවා. ඒ මොහොතේ මම කැබිනට් මණ්ඩලයේ නෑ. එහෙම තීන්දුවක් ගත්තා කියලා  කැබිනට් මණ්ඩලයේ හිටපු අය දන්නේත් නෑ. මේක වෙන්නේ කොහොම ද “

“ජනාධිපති එක්සත් ජාතීන්ගේ සංගමය ගිහින් කතා කරන්නේ දූෂණය නවත්වන්න. ඒ්ත් දූෂණයට එරෙහි වුන මාව කුඩු දාලා සල්ලි දාලා අත් අංගුවට ගන්න පුලුවන්.”

“සාගලට වාහන හතර පහ එස්.ටී.එෆ් ගාර්ඩ් දාගෙන යනකොට මට ආරක්ෂාවක් නෑ. දේශපාලන මැදිහත්වීම් විධායකයේ මැදිහත්වීම ගැන කණගාටු වෙනවා. “

ජනතාවගේ අයිතිය ආරක්ෂා කරන්න. මගේ ජීවත් විමේ අයිතිය ලබා දෙන්න. ජීවත්විමේ අයිතිය නිදහස ලබා දෙන්න.

“හැබැයි මේ ක්‍රිකට් දූෂණය නවත්වන්න ජනාධිපතිවරයා කටයුතු කරනවා නම් නව ජානධිපතිවරයක් පත් කරගෙන හරි අපි මේ දූෂණය වලක්වනවා. “ ඇමතිවරයා පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රට මහපාරට නොකැඳවා ඉමියුනොග්ලොබියුලින් වංචාවේ සැබෑ හොරු රැළ නීතිය ඉදිරියට ගේන්න…

Next Post

ජනාධිපතිවරයා විසින්  රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති ධූරයෙන් පහ කරයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.