වහාම ක්‍රියාත්මකවන පරිදි ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමති ධූරයෙන් ඉවත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ස්වල්ප වේලාවකට පෙර තීරණය කර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා හෙළි කර ක්‍රිකට් පාලක මණ්ඩලය විසුරුවා හැරීමෙන් පසු අතුරු පාලක කමිටුවක් පත් කිරීමත් සමග ජනාධිපතිවරයාත් රජයත් විවේචනය කිරීම සම්බන්ධව ඔහුට අවවාද කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
අද පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා දැඩිව විවේචනයට ලක් කිරීමෙන් පසු මෙම තීරණය ජනාධිපතිවරයා විසින් ගෙන තිබේ.
අද විශේෂ ප්‍රකාශයක් කරමින් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ කීවේ තමන්ගේ ජීවිතයට යම් හානියක් සිදුවේ නම් ඊට ජනාධිපතිවරයා සහ සාගල රත්නායක වගකිවයුතු බවය.