දිනසේන රතුගමගේ
මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනි වළේ කැණීම් කටයුතු සඳහා අධිකරණ නියෝගයක් මත ස්කෑන් යන්ත්‍ර හා රේඩාර් පහසුකම් භාවිතයත් සමගම අලුතින් මිනිස් ඇට සැකිළි කොටස් 35 ක් සොයාගෙන තිබේ.
ඊට අමතරව තුවක්කු සදහා භාවිත කළ හිස් කාට්රිජ් කීපයක් ජීව උණ්ඩ කීපයක් ද සොයාගෙන ඇති අතර අත්වල පළදින අංක තහඩුවක් සහ අත් ඔරලෝසුවක් ද සොයා ගෙන තිබේ.
මේ අනුව මුලතිව් සමූහ මිනී වළෙන් සොයා ගන්නා ලද සමස්ත මිනිස් ඇටසකිලි කොටස් ගණන 52 ක් දක්වා ඉහල ගොස් තිබේ.
කොටි සාමාජිකාවන් විසින් භාවිත කරන ලද නිල ඇදුම් වලට සමාන නිල ඇදුම් කොටස් මෙම සමූහ මිනී වලේ තිබී හමුවීම නිසා මෙම සමූහ මිනී වළ කොටි සාමාජිකයින් විසින් පවත්වා ගෙන යන ලද මිනී වළක් බවට සැක පහල වී තිබේ.
කොටි සාමාජික සාමාජිකාවන් විවිධ වැරදි වලට හසු වූ විට ඔවුන්ට දැඩි දඩුවම් ලබා දී ඔවුන්ව ඝාතනය කිරීම යුද සමයේදී කොටි නායකයින් විසින් සිදු කරන ලද බවට එකල තොරතුරු හෙළි විය.
කෙසේ වෙතත් මුලතිව් කොක්කුතුඩුවායී සමූහ මිනී වලේ කැණීම් කටයුතු තව දුරටත් අඛණ්ඩව සිදු කෙරෙයි.