දිනසේන රතුගමගේ –
වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසකට ප්‍රහාරයක් එල්ල කොට අඹුසැමි යුවලක් ඝාතනය කළ සිද්ධියේ මහ මොළකරු පළාතෙන් පලාගොස් සැඟව සිටියදී පොලිස් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
2023 ජූලි 23 දින සිදු වූ මේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගෙන වවුනියාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව බන්ධනාගාර ගත කොට ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහ මොළකරු ඇතුළුව තවත් තුන් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පොලිසිය අධිකරණයට දැණුම් දීමෙන් පසුව ඔවුන් තුන් දෙනාගේ විදෙස් ගමන් තහනම් කරණ ලෙසත් ඔවුන්ව දුටු තැන අත් අඩංගුවට ගන්නා ලෙසත් පොලිසියට අධිකරණයෙන් නියෝග ලැබී තිබුණි.
ඒ අනුව ක්‍රියාතමක වූ පොලීසිය මහ මොළකරු වශයෙන් හදුනාගෙන ඇති තැනැත්තා වවුනියාවෙන් පලා ගොස් හොරොව්පතාන ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත් අඩංගුවට ගෙන තිබේ.
උපන් දින සාදය පැවති නිවසට වෙනත් පළාතකින් පැමිණි එම අඹුසැමි යුවල ඝාතනය කිරීම සඳහා මොහු රුපියල් කෝටි දෙකකට කොන්ත්‍රාත්තුවක් ලබා ගෙන ඇති අතර ඉන් රුපියල් ලක්ෂ විසි පහක මුදලක් අත්තිකාරම් වශයෙන් ලබා ගෙන ඇති බවට තොරතුරු හෙළි වී තිබුණි.
එසේ ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇත්තේ මියගිය කාන්තාව සමග වෙනත් අයෙකුත් මියගිය පිරිමියා සමග වෙනත් කාන්තාවකුත් පවත්වා ගෙන ගිය අනියම් ඇසුරක් හේතුවෙන් බවටද තොරතුරු අනාවරණය වී ඇත.
අත් අඩංගුවට ගත් මහමොළකරුගෙන් පොලිසිය අධිකරණ නියෝගය මත රඳවා තබා ගෙන ප්‍රශ්න කරගෙන යයි.