බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රට මහපාරට නොකැඳවා ඉමියුනොග්ලොබියුලින් වංචාවේ සැබෑ හොරු රැළ නීතිය ඉදිරියට ගේන්න…

රටේ ඖෂධ ජාවාරමේ තිරිසන් කම ගැන කියන ඉමියුනොග්ලොබියුලින් වංචාවේ මුල මැද අග...

by editor
නොවැම්බර් 27, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඖෂධ ජාවාරමක සිදුවිය යුතු නින්දිතම අමානුෂික ස්වරූපය හෙළි දරව් කරමින්  ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ ජාවාරම නිරුවත් වී ඇත.  එය සිදුවුන ආකාරය අක්ෂරයක් නෑර හෙළි දරව් වී තිබේ. එහෙත් අප බලාපොරොත්තු විය යුතු ආකාරයටම ඉතිහාසයේ හෙළිදරව් වූ නින්දිතම   ජාවාරමට ඍජු ලෙස සම්බන්ධ ප්‍රධානම මොළකරුවන් මේ  වනවිටත් සුවයෙනි.

උන්ට නීතියක් නැද්ද?. මේ කෙටි විමසීම ඒ සම්බන්ධවය.

ඉමියුනොග්ලොබියුලීන් වංචාව මිලියන ගණනක  මුදල් ගනුදෙනුමත සිදුකළ ඖෂධ සිය ගණනක නින්දාසහගත වංචාවන්ගෙන් හෙළි දරව් වූ එකක්  පමණි.  මේ වනවිට සිද්ධිය සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තඅබේ.

මෙම වංචාව පසුපස හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගේ  ඍජු මැදිහත්වීම පවතින ආකාරය මේ වනවිට හෙළිදරව් වෙමින් ඇත.

සැලසුම් සහගත ජාවාරම

වාර්තාවන පරිදි ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ජාවාරම ඇතුළු සමස්ථ  ඖෂධ ජාවාරම් ජාලය  ක්‍රියාත්මක වී ඇත්තේ  ඉතාම සැලසුම් සහගතවය.   ඊට පදනම් නෛතික ස්වරූපය ලබා දෙන්නේ  හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් පසුගිය සැප්තැම්බර් 26 වැනිදා   ලංසු කැඳවීමකින් තොරව හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය ලබා ගනිමිනි.   හෙළිදරව් වන පරිදි අනාවරණය වූ මෙන්ම අනාවරණය නොවූ  සියලුම ඖෂධ ජාවාරම් සිදුවී ඇත්තේ මෙම නෛතික ආවරණය ලබමිනි.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

මේ වනවිට සියලුම සාධකත් සමග හෙළිදව් වී ඇති ආන්දෝලනාත්මක ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාව සම්බන්ධව සිද්ධි පෙළ ගැසෙන්නේ මෙසේය.

ඉමියුනොග්ලොබියුලීන් ඖෂධ වංචාව සිදුවන වකවානුව වනවිට සෞඛ්‍ය  අමාත්‍යාංශ ඉහළ පරිපාලනයෙන්   වෛද්‍ය සැපයුම් අංශයට විශේෂ නියෝගයක් ලබා දී තිබේ. ඒ වනවිට  එනම්  ඉල්ලුම් කළ ඖෂධ තොග පිළිබඳව නොසලකා හැර හදිසි අවශ්‍යතාවය මත පදනම්ව මාස තුනක් සඳහා ඖෂධ තොග මිලදී ගන්නා ලෙසය.

ඒ අනුව  තොග ඇනවුම් කළ ඖෂධද සහිතව  ඖෂධ 188ක් සඳහා ඖෂධ සමාගම්වලින් තොග මිලදී ගැනීමට කටයුතු කර තිබිණි.  මේ බොහෝ සාමගම් ප්‍රශ්නගත තත්ත්වයේ තිබුණු බව දැනගන්නට තිබේ. මින්  එක් ඖෂධ සමාගමක් වන්නේ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ජාවාරම්කාර Isolez Biotech සමාගමය.

සාමාන්‍යයෙන් ඖෂධයක් හදිසි මිලදී ගැනීමක දී   ක්‍රියාකරන ක්‍රමවේදයක් තිබේ. ඖෂධයක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩරයක් ඉදිරිපත් කළ විට එම ඖෂධය සහ එහි නිශ්පාදන ප්‍රමිතිය සම්බන්ධව ඇගයීමක් කිරීමට මිලදී ගන්නා ඖෂධය රෝගීන් සඳහා නිර්දේශ කරන  විෂය ක්ෂේත්‍රයේ විශේෂඥතාවයක් සහිත විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙක්,  ඖෂධවේදය පිළිබඳ විශේෂඥයෙක්, මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරනු ලබන නිලධාරීන්  අතුළු කණ්ඩායමකින් සමන්විත විශේෂඥ  තාක්ෂණික ඇගයීම් කමිටුවක් වෙත යොමු කරනු ලබයි. පැරසිටමෝල්  පෙත්තක් වුව ද    මිලදී ගැනීම සඳහා අනුමැතිය ලබා දෙන්නේ එම කමිටුව විසිනි.

ඉමියුනොග්ලොබියුලින් යනු   විශේෂ අවස්ථාවල භාවිතා කරනු ලබන අතිශය සංකීර්ණ ඖෂධයකි. එහෙත්   මෙම විශේෂ ඖෂධය ඇගයීම් සඳහා සම්මත පටිපාටියට අනුව විශේෂඥවරුන් සහිත   විශේෂඥ  ඇගයීම් කමිටුවකට යොමු වන්නේ නැත. එම ප්‍රසම්පාදන කටයුත්ත සඳහා පත් කරන්නේ තාක්ෂණික කමිටුවේ ප්‍රධානියා සමග කටයුතු කරන සාමාන්‍ය වෛද්‍ය නිලධාරියෙක්, සහ වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයෙකි.

ඖෂධ 188ක් ඇගයිමට දින දෙකයි!

එමෙන්ම අමාත්‍යාංශයෙන් ලැබෙන විශේෂ නියෝගය වනුයේ හෙළිදරව් වූ ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය ඇතුළු  මෙම ඖෂධ 188ම දින දෙකක් තුළ තාක්ෂණික ඇගයීමකට ලක් කරන ලෙසය. මෙවැනි ඖෂධ ප්‍රමාණයක් ඇගයීම් කිරීමට ඖෂධවල නම් ටිකවත් කියැවීමට ප්‍රමාණවත් නොවන දින දෙකක කාලයක් ලබා දීම බරපතල ගැටලුවක් වී තිබිණි.  ප්‍රමිතිය සලකා බැලීම තබා  ඉදිරිපත් කර ඇති මිල ගණන් සැලකීමටවත් නිශ්චිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූයේය. වැඩේ ඒ තරම් හදිස්සි වූයේය.

හෙන ගහන නොසලකා හැරීම

ඖෂධයට ඇනවුමක් ලබා ගැනීම සඳහා නිශ්පාදකයා විසින් ලබා දිය යුතු ඖෂධය සම්බන්ධ විශ්ලේෂණ සහතිකය, ඇතුලු මූලික සහතිකවත් ඇගයීමට ලක් කිරීමට විශේෂඥවරුන් රහිත තාක්ෂණික කමිටුව කටයුතු කර තිබුණේ නැත.

එවැනි තත්ත්වයක් තුළ ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය සඳහා ලංසුව ඉදිරිපත් කළ Isolez Biotech සමාගමට ඉමියුනොග්ලොබියුලීන් ඖෂධය හැරුණු විට පිළිකා ප්‍රතිකාරක ඖෂධ දෙකක් සඳහා අනුමැතිය ලැබී තිබේ. එහෙත් එම සමාගම සපයා ඇත්තේ ඉමියුනොග්ලොබියුලින් එන්නත  සහ Rituximab  නැමැති පිළිකා පාලන එන්නත පමණි.

මෙම හදිසි මිලදී ගැනීම සිදුකරන්නේ ආනයනය කර සැපයීම සඳහාය. එහෙත් Isolez Biotech සමාගම විසින් සිය අයදුම්පත්‍රය ඉදිරිපත් කර ඇත්තේ අමුද්‍රව්‍ය ඉන්දියානු සමාගමෙන් රැගෙන විත් ලංකාවේ නිශ්පාදනය කිරීම සඳහාය. සරල මූලික විමර්ශනයක් තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් සිදුකළා නම් ඒ ලියැවිල්ලෙන්ම මේ ඇනවුම  ප්‍රතික්ෂේප වන්නේය. නමුත් තාක්ෂණික   කමිටුව එම මූලික සරල කාරණාව මගහැර තිබිණි.

හදිස්සිය නැති වුන හැටි

Isolez Biotech සමාගම මේ සියලු සාධක මගහැර තෝරාගත් පසු ගිවිස ගන්නේ දවස් පහක් ඇතුළත ඉමියුනොග්ලොබියුලින් එන්නත් 700ක්  ලබා දීම සඳහාය. පසුව එය මාසයකට 7500 බැගින් මාස තුනක් සඳහා අනුමැතිය ලබා දීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කරන්නේය.

මුලින් කී පරිදි  මෙම සියලුම මිලදී ගැනීම් සිදුකරනු ලබන්නේ මාස තුනක් තුළ සිදුකළ ඇනවුම් නොසලකා හරිමිනි. සැප්තැම්බරයේ Isolez Biotech සමාගම වෙත ඉමියුනොග්ලොබියුලින්    ඇනවුම ලබා දි   සති තුනක් යනවිට සියලුම පිරිවිතරයන් සපුරා  කලින් සිදුකළ ටෙන්ඩර් කැඳවීමට අදාල ඉමියුනොග්ලොබියුලින් ඖෂධයේ එන්නත් 10000ක් ඉන්දියානු සමාගමකින් ලැබෙන්නේය. ඒ ඖෂධ ලැබෙන්නේ ඔක්තොම්බර් සහ නොවැම්බර් කාලය වෙනුවෙනි.

මේ අවස්ථාවේ දී අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා නියෝග කරන්නේ එම සැයුම් සම්බන්ධව නොසලකා  Isolez Biotech සමාගමට ඖෂධය සැපයීම සඳහා අවස්ථාව ලබා දෙන ලෙසය.

දඩ මුදලත් එපා කියයි

හදිසි මිලදී ගැනීමක දී සැපයුම් ප්‍රමාදවනවිට නිශ්චිත දඩ මුදලක් අදාල සැපයුම් සමාගමින් අය කරගන්නේය. ඖෂධ මිලදී ගැනීමේ ජාතික ප්‍රතිපත්තියට අදාල සියලුම නියමන් බිඳ දමමින් Isolez Biotech සමාගමට හදිසි ඖෂධ ඇනවුම ලබාදෙන්නේ ඔක්තොම්බරයේ වුවත් දින 05ක් තුළ ලබා දෙන බවට එකඟවූ ඖෂධය ඔවුන් ලබා දෙන්නේ පසුගිය මැයි මාසයේ ය. එම ප්‍රමාදය සම්බන්ධව සමාගමෙන් අය කරන සියයට 10ක දඩ මුදල අය කරගැනීම ද අතිරේක ලේකම්වරයා ලිඛිතව දන්වන්නේය.

මැයි මස වෛද්‍ය සැපයුම් අංශයට ලැබෙන ඖෂධ භාර ගැනීම සඳහා ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකයක් ඉල්ලා සිටින්නේය. එවකට ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විජිත් ගුණසේකර  විසින් ව්‍යාජ  ලේඛනයක් මෙම ඖෂධ සමාගම වෙත නිකුත් කරන්නේ ඒ අවශ්‍යතාවය වෙනුවෙනි.

හෙළිදරවු වීම

මේ සමස්ථ ගනුදෙනුව රුපියල් මිලියන 950කි. එම දුෂ්ට වංචාවේ ගැඹුරු තිරිසන්කම   හෙළි වන්නේ ඖෂධය සම්බන්ධව බරපතල අසාත්මිකතා කීපයක් වාර්තා වීමත් සමගය.

මෙවැනි අවසථාවල ඖෂධවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රමිතිය සම්බන්ධව අධ්‍යයනය කිරීම සඳහා විශේෂඥ කමිටුවක් තිබේ. එම කමිටුව වෙත මෙම සිදුවීම් කීපය වාර්තා වූ පසු එහි විශේෂඥවරු මේ ඖෂධය සපයා ඇති ලියාපදිංචියකින් තොර සමාගම පිළිබඳව සැක පහළ කරන්නේය.

සියල්ලම එළියට එන්නේ  ඒ සම්බන්ධව කළ විමර්ශනයක දී ය.  අවසන් මොහොතේ මෙම විමසීම සිදුනොවුනා නම් බිලියනකට ආසන්න මේ ගනුදෙනුවේ හොර රැළ ගැන හෙළි වන්නේ නැත. ඒ හෙළි වීම ගැන සතුටක් ඇත. ඒ හෙළි වුනත් මේ වනතුරුත් මහ හොරුන්ට එරෙහිව සිදුවන කිසිම ඉදිරි ක්‍රියාමාර්ගයක් පේන්නේ නැත.

පහළ සිටින නිලධාරීන් කීප දෙනෙකුට දඬුවම් කර එළි පිටම මේ ජවාරමට වගකිවයුතු බව හෙළි වී ඇති එහි සැලසුම්කාර අතිරේක ලේකම්වරයා,  හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා, ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපතිවරයා මෙන්ම හිටපු සෞඛ්‍ය ඇමතිවරයා,  නිදුකින් තබන්නට සියල්ල සූදානම් වනු පෙනේ.

වරද පැටවිම  

මේ වනවිට රාජකාරි වගකීම මත වරද පටවා බන්ධනාගාරගත කර ඇති වෛද්‍ය සැපයුම් අංශයේ ප්‍රධාන නිලධාරියා  මේ ගනුදෙනුව සිදුවන වකවානුව වනවිට රටේවත් හිටියේ නැත. ඔහු සිය පශ්චාත් උපාධිය හැදෑරිම සඳහා සිටියේ විදේශගතවය.  අනෙක් නිලධාරීන්ට ද ඇමතිවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා, අතිරේක ලේකම්වරයා මැදිහත්වුන ජාවාරමක දී එන රාජකාරි බලපෑම මත සිය වපසරිය තුළ කළ හැකි දෙයක් නැත. එහෙත් ඔවුන් දැන් හිරේය.  පරිච්ඡේදය වසා දැමීමට හැකි සියලුම පීඩනය යෙදෙමින් තිබේ. වත්මන් සෞඛ්‍ය ඇමතිවරයාට වෛද්‍යවරයෙක් ලෙස වෘත්තීය දැක්මක් මෙන්ම සිය දේශපාලන අනාගතය පිළිබඳව කල්පනා කර ඒ වෙනුවෙන්  කටයුතු කිරීමට    පිට කොන්දක් ඇතිනම් පමණක් මේ ප්‍රශ්නයට යම් සාධනීය විසඳුමක් ලැබෙනු ඇත. එහෙත් ඒ විසඳුම් ලැබෙනු ඇත්තේ බොහෝ කෙහෙළියට මෙහායිනි.

එකක් විතරයි

මේ අශික්ෂිත ජවාරම් කරුවන්ගේ අතේ පත්තුවුන එක් හොරකමක් පමණි. පසුගිය සැප්තැම්බර් මාසය වනවිට  ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයාව සිටි විජිත් ගුණසේකර මේ තුච්ඡ හොරකම් ජාලය මෙහෙයවූ තවත් එක් කුප්‍රකට චරිතයකි. ඔහු සැප්තැම්බර් මාසයේ දී එවකට අමාත්‍යාංශ ලේකම්වරයාට ලිපියක් යවමින් හදිසි මිලදී ගැනීම් සඳහා විශේෂ මාර්ගයක්  වෙනුවෙන් ඉල්ලීමක් කරන්නේය.  ඉන් ඉල්ලා සිටින්නේ හදිසි මිලදි ගැනීම් සඳහා ඖෂධයකට අනුමැතිය ලබා දීමට විශේෂඥ මණ්ඩලයකට  යොමු නොකර  තමාගේ ඍජු අනුමැතියට යටත් කරන ලෙසය. එම ඉල්ලීම නිරීක්ෂණය කිරීමට අතිරේක ලේකම්වරයා පත් කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරයා විසිනි. අතිරේක ලේකම්වරයා එම ඉල්ලීම අනුමත කරන්නේය. අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් අනුමැතිය ලැබෙන්නේය.

එම අවසරය සහිතව විජිත් ගුණසේකර කරන්නේ මින් පෙර විශේෂඥ කමිටු මගින් අනුමැතිය ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබූ   ඖෂධ සඳහා ද සිය අනුමැතිය ලබා දීමය. එතැනින් නොනැවතී හොර ලියාපදිංචි සහතික ඖෂධ සමාගම්වලට නිකුත් කිරීමය.

අප ඔබට කියන්නේ ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාව ගැන වැළලෙන්නට නොයන ලෙසය. බංකොලොත් රටේ අසරණ මිනිස්සු ජීවිතය ඉල්ලා ආයාචනා කරද්දී ඒ ජීවිත වටිනාකම් බල්ලන්ට දමමින්  නින්දා සහගත අපරාධ අප්‍රමාණව සිදුවූ බවත් සිදුවෙමින් ඇති සහ සිදුවුන  ඖෂධ ගනුදෙනුවලින් අති මහත් බහුතරයක්    ඉමියුනොග්ලොබියුලීන් පන්නයේ තිරිසන් ගනුදෙනු බවත්ය.

මේ පාදඩයින් සම්බන්ධව   දේශපාලනය හෝ වෙනයම් බලයක් මතු වී නීතිය යටපත් කිරීමට උත්සාහ කරනු ඇත. සී.අයි.ඩී විමර්ශන යටපත් කිරිමට කටයුතු කෙරෙනු ඇත. අපේ රටේ ස්වරූපය එයය. එහෙත් විශේෂ යමක් කිව යුතුව ඇත.

නීතිය උන්ගේ නම් මේ  සම්බන්ධව ඊලඟ ගනුදෙනුව වනු ඇත්තේ මහ පාරේය.

මතක තියාගනිල්ලා… උඹලා සියලු දෙනා හෙලිදරව් වී ඉවරයි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් පිළිබඳ ජාතික සැලසුම හදන වැඩමුළුවට ගෙන්වූ වැඩි දෙනෙක් ඖෂධ ජාවාරම් කාරයෝ…. අභ්‍යන්තරයෙන් චෝදනාවක්!

Next Post

මා මැරුවොත් එහි වගකීම ජනාධිපතියි සාගල රත්නායකයි ගත යුතුයි… ක්‍රීඩා ඇමති රොෂාන් පාර්ලිමේන්තුවේ දි කියයි!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.