ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් යටතේ පසුගිය සිකුරාදා සහ සෙනසුරාදා (24,25) දෙදින තුළ ජාත්‍යන්තර සහ ජාතික උපදේශකයින් බලමුලු ගැන්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් පිළිබඳ තක්සේරුකරන ජාතික උපදේශන වැඩමුළුව තුළ විවිධ වෘත්තිකයින් ලෙස සිටි පුද්ගලයින් ගණනාවක් ඖෂධ සහ සෞඛ්‍ය සත්කාරක සේවාවන්හි ජාවාරම්වලට ඍජුව සම්බන්ධ පුද්ගලයින් බව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.
ජාතික සැලසුමක් හැදීමේ දී ක්ෂේත්‍රය තුළ කුප්‍රකට හොරුන්ගෙන් සහ තක්කඩින්ගෙන් සමන්විත මණ්ඩලවලින් උපදෙස් ලබා ගන්නා ලෝකයේ එකම රට ශ්‍රී ලංකාව විය හැකි බව එම ආරංචි මාර්ග පවසයි. සැක කටයුතු ගනුදෙනුවලට සම්බන්ධ නමුත් සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව තමන්ට ඒකාධිකාරී බලයක් ඇති බව පෙන්වමින් වෘත්තීය සමිති ව්‍යාපාරවල යෙදෙන ප්‍රධාන පෙළේ වෘත්තීය සමිති දෙකක නායකයින් දෙදෙනෙක් එම වැඩමුළුව නියෝජනය කර ඇති බවත් ආරංචි මාර්ග කියයි.
මෙම වෘත්තීය සමිති නායකයින් අතර ඖෂධ නියාමන අධිකාරියේ සිට ඉවත් කළ චෝදනා ලද තැනැත්තෙක්ද සිටින බවත් ඔහු නායකත්වය දරන වෘත්තිය සමිතිය හරහා යලි සිය ස්ථාන මාරුවීම අවලංගු කරගැනීමට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගද මෙහෙයවූ බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සහභාගී වූ කණ්ඩායමේ සිටින එක් පුද්ගලයෙක් මෛත්‍රීපාල සිරිසේන සෞඛ්‍ය ඇමතිවරයාව සිටි කාලයේ සහ ජනාධිපතිවරයාව සිටි කාලයේ ඔහුට ඉතා සමීපව සිටිමින් රටේ සිදුවුන ඉමියුනොග්ලොබියුලින් වංචාවේ ආරයේ වෙනත් සොරකම් වලින් සොරුන් බේරා ගැනීම සඳහා කැපවී වැඩ කළ පුද්ගලයෙක් බව එම ආරංචි මාර්ග කියයි.
සෞඛ්‍ය සේවයේ එක් ප්‍රබල වෘත්තීය සමිතියක හිටපු නායකයෙක්ද තම පිරිවරද සමග මෙම වැඩමුළුවට එක් වී ඇති අතර ඔහුට මෙම වැඩමුළුව සඳහා සහභාගී වීමට වෘත්තීය සමිති ලෙස හෝ වෙනත් රාජකාරි පදනමක් නැති බව හෙළි වී ඇත.
ස්වකීය ජාවාරම් ජාලයට වඩාත් සමීපව කටයුතු කරන පුද්ගලයින් මෙම වැඩමුළුව සඳහා තෝරා ගැනීමට උතුරුමැද ප්‍රධාන රෝහලක ප්‍රබල යැයි කියාගන්නා එක් පුද්ගලයෙක්, උතුරුමැද ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්‍යාලයක ප්‍රධාන පෙළේ නිලධාරියෙක් සහ මධ්‍යම පළාතේ ප්‍රාදේශීය වෛද්‍ය සැපයුම් ඒකකයක ප්‍රධානියෙක් දින ගණනක සිට කටයුතු කර ඇති බව ද, මෙම වැඩමුළුවට සහභාගී වීමට කිසිදු සුදුසුකමක් නැති වෛද්‍ය සැපයුම් අංශයේ සාමාන්‍ය නිලධාරීන් දෙදෙනෙක්ද මෙම වැඩමුළුවට සහභාගී වී ඇති බවද, වැඩමුළුවට සහභාගී වන පුද්ගලයින්ගේ සංයුතිය තෝරා ඇති ආකාරය ගැන ගැටලු පවතින බවද අභ්‍යන්තර ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශවයෙන් එම වැඩමුළුව සංවිධානය කළ ප්‍රධානියෙක් සෞඛ්‍ය සත්කාරක සේවාවන් සම්බන්ධව පසුගිය කාලයේ විශාල චෝදනා ප්‍රමාණයකට ලක්වූ දූෂිත නිලධාරියෙක් බව වාර්තා වේ.
වැඩමුළුව සඳහා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෙනුවෙන් සහභාගී වූ පුද්ගලයෙක් රටේ හිටපු ප්‍රබල සෞඛ්‍ය අමාත්‍යවරයෙකුගේ දේශපාලන හිතවෙතෙක් ලෙස කුප්‍රකට ගනුදෙනු ගනනාවක් පිටුපස සිටි දූෂිත නිලධාරියෙක් බව දැනගන්නට ඇත.
වෛද්‍ය සැපයුම් ආයතනයේ සහකාර අධ්‍යක්ෂ තන්තුරු වලට පත්කළ හැකි ඉහළම ඖෂධවේදීන් ගණනත් ඉක්මවා පත්කරගෙන ඇති ඖෂධවේදීන් දෙදෙනෙක්ද මෙම වැඩමුළුවට එක්වී ඇති අතර ඔවුන්ගේ ප්‍රධානම ඉලක්කය ජාවාරම් කරුවන්ට අවශ්‍ය පදනම සකස් කර දීම බවත් මේ වනවිට ඉමියුනොග්ලොබියුලින් වංචාවට සම්බන්ධ බවට චෝදනාවට ලක්ව රක්ෂිත බන්ධනාගාරගත වී ඇත්තේද එවැනි එක් චරිතයක් බවත් වාර්තා වේ.
සෞඛ්‍ය සත්කාරක සේවාවන්හි සැපයුම් ජාලය තුළ තම සේවාවේ ඒකාධිකාරයක් ගොඩනඟාගෙන සැපයුම් සම්බන්ධව ප්‍රධාන තීරණ ගනිමින් තමන්ට රිසි සේ සැපයුම් ජාලය හසුරවන එම පිරිස රට තුළ ඖෂධ පිළිබඳ ඒකාධිකාරියක් ගොඩනගාගෙන සිටිනා විවිධ ආයතනවල නියෝජිතයන් සේ හැසිරෙන බවත් මාධ්‍ය ඉදිරියේ පාරිශුද්ධ චරිත ලෙස පෙනී සිටිනා මෙම පුද්ගලයින්ගේ ඇත්ත ස්වරූපය හෙළිදරවු නොවන බවත් එම ආරංචි මාර්ග පවසයි’