අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මුළු ධාරිතාවෙන් විදුලිය උපදවන්නේ නැතිව බලාගාර ආශ්‍රිත ජලාශ වාන් දමයි… හේතුව වෘත්තිකයෝ ජනපතිට දන්වති!

වැරදි දත්ත මත විදුලිබිල වැඩි කිරීමේ විනාශය පාරිභෝගිකයාත් විදුලි බල මණ්ඩලයත් විනාශ කරන අයුරු හෙළි වෙයි!

by editor
නොවැම්බර් 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

බලාගාර ආශ්‍රිත ජලාශ වාන් දමමින් තිබුණත් එම  බලාගාර ගණනක ජලය විදුලි උත්පාදනයකින් තොරව මේ වනවිට මුහුදට ගලා බසිමින් ඇති බව වාර්තා වේ. 

මේ අවාසානාවන්ත සිදුවීම වන්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කළ විද්‍යාත්මක පුරෝකථනයන් පිළිබඳව නොසලකා හිතා මතාම වැරදි තීන්දුවක පිහිටමින්   සිදුකළ  විදුලි මිල  ඉහළ දැමීම නිසා  සිදුවූ    විදුලිය ඉල්ලුම අවම වීම ප්‍රධානකොට ගෙන බව   බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සංඛ්‍යා ලේඛන දත්ත  සමගින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත.

හිතා මතාම වැරදි තීන්දුවක පිහිටමින් සිදුකළ මෙම  විදුලි මිල  ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන් අධික පීඩාවට පත්වුනා පමණක් නොව ලාභදායී ජල විදුලිය උපදවා අලෙවි කර ලබා ගත හැකිව තිබූ රුපියල් බිලියන 20ක ලාභයක්   විදුලිබල මණ්ඩලය  විසින්  අහිමි කරගෙන ඇති බව ද   එම පෙරමුණ  ජනාධිපතිවරයා වෙත දන්වයි. ඔවුන් පෙන්වා දෙන්නේ මීට දෙමසකට පමණ පෙර සිදුකළ විදුලි බිල වැඩි කිරිම සිදුනොවුන ද විදුලිබල මණ්ඩලය අවම වශයෙන් බිලියන 10ක ලාභයක් මේ කාර්තුවේ දී උපයන බවය.

වර්ෂ  2023 ජූනි 30 වැනි දින මාස 06ක් සඳහා අනුමත කළ විදුලි ගාස්තුව     සැප්තැම්බර් 4 වැනි දින යළි   සියයට 18ක වැඩි කර මේ ව්‍යසනය සිදුකරගත් බව ද එම සංගමය පෙන්වා දෙයි.

මේ තත්ත්වය තුළ  සොබා දහමේ ආශීර්වාදයක් සේ ලැබුණු  වර්ෂාවෙන් මේ කාර්තුවේ  අවම  වශයෙන්   ගිගාවෝට් පැය 300ක ජල විදුලි ප්‍රමාණයක් නිපදවා අලෙවි කිරීමෙන් ලබා ගත හැකිව තිබූ විශාල ලාභයක් විදුලිබල මණ්ඩලය අහෝසි කරගත් බවත් මේ වනවිට ජලාශ කීපයක ජලය විදුලි උත්පාදනයකින් තොරව වාං දමමින් ජලය මුහුදට එක් වන බවද එම සංගමය දන්වා සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සම්පූර්ණයෙන් අවිද්‍යාත්මක පුරෝකථන මත පදනම්ව විදුලිබල මණ්ලය සිදුකළ  ජනන සැලසුමට අනුව  නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා සියයට 26ක්  ජල විදුලියෙන්ද 22 තෙල් දහනයෙන්ද සියයට 39 ගල් අඟුරු මගින්ද නිපදවීමට  ඇස්මේන්තුගත කර තිබිණි.

මෙම 2023 වසර සඳහා ඇස්තමේන්තුගත නිෂ්පාදන වියදම දල වශයෙන් ජල විදුලිය  කිලෝවොට් පැයක 01ක  ඒකකයක් සඳහා වියදම් වන්නේ  රු 3.ශත 35කි.  ගල් අගුරු වලින් එක් ඒකකයක් නිපදවීමට වැයවන මුදල  රුපියල්  35 කි.  තෙල්වලින් නිපදවන ඒකකයක් වෙනුවෙන් වැය වන මිල රුපියල්  65කි.

ජල විදුලි ඒකකයක වියදම මෙන් දස ගුණයක් පමණ ගල් අගුරු මගින් ජනනය සදහා ද විසි ගුණයක පමණ වියදමක් තෙල් මගින් විදුලිය ජනනය සදහාද වැයවෙයි.

එහෙත් අද වන විට ඇද හැලෙන තද වැසි සමග රටේ විදුලිය අවශ්‍යතාවයෙන්  සියයට හැත්තෑවක් පමණ විදුලි ජනනය ආවරණය වන්නේ ජල විදුලියෙනි

ගල් අගුරු මගින් සියයට විසි හයක් සහ තෙල් දහනයෙන් සියයට දශම ගණනක් පමණක් විදුලිය නිපදවන බවට සාක්ෂි තිබේ.

මේ දිනවල විදුලි ඒකකයක නිෂ්පාදන වියදම රුපියල් දොළහකට පමණ පහත ගොස් ඇත. එය පෙර විදුලි ඒකකයක සමස්ථ  ඇස්තමේන්තු අගයෙන් තුනෙන් එකක් පමණි.

මේ අතිශය සාහසික වැරදි තීන්දුව හේතුවෙන් පාරිභෝගිකයන් මත මේ දැඩි විදුලි බර නොපටවා රුපියල් බිලියන 10කට වැඩි  ලාභයක් ලැබීමට විදුලිබල මණ්ඩලය විසින් මගහැරීම පසුපස ඇත්තේ  කුමන ආකාරයක බලවේගයක් දැයි විමසා බැලීමට වෘත්තිකයෝ ජනාධිපතිවරයා වෙත යෝජනා කරති.

එමෙන්ම මෙම මිල වැඩිකිරීම සිදුවන්නේ ගල් අඟුරු මිල ලෝක වෙළෙඳපලේ පසුගිය වසරට සාපේක්ෂව  සියයට 70ක් අඩුවී තිබිය දී සහ බොරතෙල් මිලද සැලකිය යුතු ලෙස පහත වැටී   විදුලිබිල අඩු වීමේ සාධක ගෝලීය වෙළෙඳපලේ අවධාරණය වෙමින් ඇති විටදී බව වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ කියයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යෝජිත  අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතට රටේ 56% කැමති නෑ…. සමීක්ෂණයකින් හෙළි වෙයි!

Next Post

ශ්‍රී ලංකාවේ ඖෂධ සැපයුම් පිළිබඳ ජාතික සැලසුම හදන වැඩමුළුවට ගෙන්වූ වැඩි දෙනෙක් ඖෂධ ජාවාරම් කාරයෝ…. අභ්‍යන්තරයෙන් චෝදනාවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.