පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගය විසින් කණ්ඩායමක් ලෙස බහුතර ආසන ප්‍රමාණයක් දිනාගත් කුලියාපිටිය සහ උඩුබද්දාව ප්‍රාදේශීය සභා දෙකෙහි පාලනය පොදු ජන පෙරමුණ වෙත ලැබී තිබේ.
සමගි ජන බලවේගය සහ අනෙකුත් විරුද්ධ දේශපාලන පක්ෂවල සහාය ඇතිව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් එම සභා දෙකෙහි බලය පිහිටුවා තිබුණේය.
කුලියාපිටිය ප්‍රාදේශීය සභාවට මාලිමාවෙන් සභික ධූර 21ක් දිනා ගනිද්දී පොදු ජන පෙරමුණ දිනාගත්තේ සභික ධූර 06ක් පමණි. සමගි ජන බලවේගය සභික ධූර 09 ක්, එක්සත් ජාතික පක්ෂය සභික ධූර 04 ක්, ඕල් සිලෝන් මක්කල් කොන්ග්‍රසය සභික ධූර 02 ක් සහ සර්වජන බලය සභික ධූර 01 ක් දිනා ගෙන තිබුණි.
ඊයේ පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විජේසිරි ඒකනායක කුලියාපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස බහුතර ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් විය.
තවද ඊයේ පැවති ඡන්ද විමසීමේ දී උඩුබද්දාව ප්‍රාදේශීය සභාවේ බලය ද පොහොට්ටව ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය විසින් පිහිටුවනු ලැබුවේය. සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිහාල් ජයසිංහ බහුතර ඡන්ද සංඛ්‍යාවකින් තේරී පත් විය.
එහෙත් පළාත් පාලන මැතිවරණයේ දී උඩුබද්දාව ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගය සභික ධූර 09ක් දිනාගන්නා විට පොදු ජන පෙරමුණ දිනාගත්තේ සභික ධූර 03කි. සමගි ජන බලවේගය සභික ධූර 06ක්, එක්සත් ජාතික පක්ෂය සභික ධූර 01ක් දිනා ගෙන තිබුණි.








Excellent.
The greatest story I heard in my life.
Dear brother.
Pl don't limit it to word .Take the quick action asae & give the biggest punishment till die..