සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අපට දේශපාලනයක් තියනවා තමයි… ඒත් කොළඹ මහ නගරසභාව පිහිටුවන්න සැලසුම් කළේ බලය අල්ලා ගැනීමේ පටු අදහසින් නෙමෙයි… අගමැතිනිය කියයි!

by editor
ජූනි 13, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ නගරසභාවේ බහුතර බලයක් ලබාගෙන සභාව පිහිටුවන්නට සැලසුම් කර ඇත්තේ   දේශපාලන බලය අල්ලා ගැනීමේ පටු අරමුණ මත පිහිටා නොවන බව අග්‍රාමාත්‍ය හරිනී අමරසුරිය අද පැවසුවාය.

ජාතික ජන බලවේගයට දේශපාලනයක් ඇති බවත්, දේශපාලන දැක්මක් ඇති බවත් කී අගමැතිවරිය කොළඹ නගරය සහ කොළඹ නගරය පිළිබඳව ද දැක්මක් ඇති බව ප්‍රකාශ කළාය. කොළඹ නගරසභාවේ බලය පිහිටුවා ගෙන වැඩ කරන්නට පටන් ගන්නේ කොළඹ නගරය මොන ආකාරයේ නරගයක් විය යුතු ද යන අදහසත් සමග බව ද අගමැතිවරිය කීවාය. ඇය පෙන්වා දුන්නේ ලංකාවේ අනන්‍යතාවයේ සියලුම ලක්ෂණ කොළඹ නගරය තුළ පවතින බවය.

ඇය මේ බව ප්‍රකාශ කළේ ජාතික අද (13) ජාතික ජන බලවේගයේ කොළඹ මහ නගර සභා මන්ත්‍රී කණ්ඩායම දිවුරුම් දුන් අවස්ථාවට එක් වෙමිනි.

පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු පක්ෂ මූලස්ථානයේ දී අගමැතිවරිය සහ නියෝජ්‍ය ඇමති සුනිල් වටගල ඉදිරියේ දී අද කණ්ඩායම් නායිකාව සහ පුරපති අපේක්ෂිකාව වු ව්‍රායි කැලී බල්තසාර් ප්‍රමුඛ මාලිමාවෙන් කොළඹ නගරසභාවට තේරී පත් වුන නාගරික මන්ත්‍රීවරු 48ක කණඩායමක් දිවුරුම් දුන්හ.

කොළඹ මාලිමා කණ්ඩායම් නායිකා ව්‍රායි කැලී බල්තසාර් දිවුරුම් දෙමින්…

මන්ත්‍රීවරු පිරිස අමතමින් අගමැතිවරිය මෙසේ ද ප්‍රකාශ කළාය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

” මේ ලස්සන කොළඹ නගරය සියලුම ජනතාවට ලස්සන තැනක් කරන්නේ කොහොම ද කියන දැක්ම අපට තියනවා. ඒ දැක්ම ක්‍රියාත්මක කිරීමේ නොඉවසිල්ලෙන් අපි සියලුම දෙනා ඉන්නේ. ඒ දැක්මත් එක්ක තමයි අපි කණ්ඩායමක් ලෙස කොළඹ නගර සභාවට තරග වැදුනේ. කොළඹ නගරසභාවට අයත් ජනතාවගේ ප්‍රසාදය දිනාගෙන මේ විදිහට කොළඹ නගර සභාවේ ජනතා බහුතර ප්‍රසාදය කණ්ඩායමක් ලෙස ලබා ගත්තේ.”

ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදී තරගයක් තුළ කොළඹ නගරයේ නායකත්වය ලබා ගන්න අපි සුදානම්. ඒ ජනවරම අපට තියනවා. ඒ ජනවරම තමයි වැදගත්. අපට රටේ නායකත්වයටත්, ජනාධිපති තුමාටත් පාර්ලිමේන්තුවටත්, ලැබුණ ජනවරම තමයි කොළඹ නගරසභාවටත් තියෙන්නේ. අපි දන්නවා මේ රටේ ජනතාව වෙනසක් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනස කියන්නේ ජනතාවාදී දේශපාලන අධිකාරියක් මේ ආයතන තුළ බලය ලබාගනී කියන බලාපොරොත්තුවෙන් තමයි පළාත් සභා මැතිවරණයට මැදිහත් වුනේ. ඒ අරමුණෙන් තමයි කොළඹ නගරසභාවටත් ඔබ සියලු දෙනා පත් කරලා යවලා තියෙන්නෙ.

ඒ ජන වරම සහ දේශපාලන දැක්මත් එක්කයි අප එකතු වෙලා ඉන්නේ. කොළඹ නගරයට වෙනසක් කරන්න පුලුවන්. කොළඹ නගරය ගැන ඔබ හොඳින් දන්නවා. මෙතන කවුරුවත් කොහෙන් හෝ පාත්වුන අය නොවෙයි. ඔබ දිනා ගත්තේ මහන්සි වෙලා වැඩ කරලා, මිනිස්සු අතරට ගිහිල්ලා, මිනිස්සුන්ගේ ප්‍රශ්න මොනවද කියලා හොයලා බලලා, දැනගෙන මිනිස්සු එක්ක සංවාදයක් ඇති කරගෙන ඒ මිනිස්සුන්ට වග වෙනවා කියලා පොරොන්දු වෙමින් ඔබ මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඒ ජනවරමත් එක්ක තමයි ඔබ අද දිවුරුම් දෙන්නේ. ඒ ජන වරමත් එක්ක තමයි ඔබ 16 වැනිදා ඉඳන් වැඩ පටන් ගන්න යන්නේ.

අගමැතිවරිය කීවේ කොළඹ නගරයේ සිටින්නේ සම අයිතිවාසිකම් සහිත පුරවැසියන් බවත් එහෙත් එම ජනතාවට සමානව සැලකීමට පසුගිය දේශපාලන අධිකාරීන් කටයුතු කර නැති බවත්ය. ජාතික ජන බලවේගයට මෙවර කොළඹ ජනතාව ඡන්දය ලබා දුන්නේ ඒ වෙනස සිදුකිරීමට බව අගමැතිවරිය කීවාය.

” ඔබ නගරයක බලාපොරොත්තු හොබවන, ඒ බලාපොරොත්තු වෙනුවෙන් පත්වුන පිරිසක්. කොළඹට සිද්ධ වෙන දේ රටටම බලපානවා. රට තුළ බලාපොරොත්තුවන සමගිය, විවිධත්වයට ගරුකිරීම, සමානාත්මතාවය, ජනතාවාදි සංවර්ධනය සියලු දෙනාටම සාධාරණව ජීවත්වීමේ අවස්ථාව ලබාදීම ජනතා සේවයක් ලබා දීමට සභිකයින් හැටියට අපේ කැපවීම… මේ සියල්ලම අපට පෙන්වන්න පුලුවන්. ඒ සඳහා හැකියාව තියන කණ්ඩායමක් අප ඉදිරියේ ඉන්නේ…”

” ඔබ සූදානම්. නගරය සූදානම්. ඔබ බලය නිල වශයෙන් ලබාගෙන වැඩ කරනකම් නගරයක්ම බලාගෙන ඉන්නවා. රටේම ජනතාව බලාගෙන ඉන්නවා. ” අගමැතිවරිය ප්‍රකාශ කළාය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෝම්බ බියක් හේතුවෙන් ෆුකෙට් සිට දිල්ලිය බලා පියාසර කළ Air India ගුවන් යානයක් හරවා යවයි!

Next Post

මාලිමාවට බහුතර බලය තිබූ කුලියාපිටිය සහ උඩුබද්දාව ප්‍රාදේශිය සභා දෙක පොදු විපක්ෂය දිනාගෙන පොහොට්ටුවට දෙයි…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.