දිනසේන රතුගමගේ –
මාල දිවයිනේදී මියගිය ශ්‍රී ලංකා ජාතික පාපන්දු ක්‍රීඩක ඩක්සන් ෆස්ලස් ගේ අවසන් කටයුතු විශාල ජනකායක් මධ්‍යයේ ඊයේ ( 7 ) මන්නාරම පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.
පාපන්දු ක්‍රීඩක ඩක්සන් ෆස්ලස් ක්‍රීඩකයාගේ මන්නාරමේ පිහිටි නිවසේ සිට දේහය රිය පෙරහැරකින් මන්නාරම ශාන්ත සෙබස්තියන් දෙව්මැදුර වෙත රැගෙන විත් අනතුරුව අවසන් කටයුතු සිදු කරණු ලැබීය.
මේ අවස්ථාවට මන්නාරමේ ආගමික නායකයින් දේශපාලනඥයින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් හා ක්‍රීඩකයින්ද සාමාන්‍ය ජනතාවද සහභාගී වූහ.
ක්‍රීඩකයා පසුගිය පෙබරවාරි මස 27 වෙනිදා මාලදිවයිනේදී මියගොස් තිබුණේ ඔහුගේ තාවකලික නවාතැනේ කාමරයක් තුළදී ය.
ඔහුගේ මරණය සියදිවි හානි කර ගැනීමක් බවට මේ වන විට වාර්තා වී ඇති අතර මාලදිවයින පොලීසිය හා ශ්‍රී ලංකා පොලීසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කොට ඇත්තේ පාපන්දු ක්‍රීඩක ඩක්සන් ෆස්ලස්ගේ මව මේ මරණය සම්බන්ධයෙන් විශාල සැකයක් ඇති බවට පොලීසියට කළ ප්‍රකාශයකින් පසුවය.







