විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර අද (08) උදෑසන ඵලදායි සහ සුහද දුරකථන සාකච්ඡාවක් පැවැත්වුණු බව කොළඹ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් මගින් දන්වා තිබේ.
ඉන්දියාව තවදුරටත් හැකි සෑම අයුරින්ම ශ්‍රී ලංකාවට සහය ලබා දෙන බවට විදේශ අමාත්‍යතුමා සහතික වූ බව එහි දැක්වේ.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා මෙම මස දෙවන භාගයේදී දෙපාර්ශවයටම පහසු දිනයක් යොදා ගැනීමට මෙහිදී එකඟ වූ බව ද ට්විටර් පණිවිඩයක දක්වා ඇත.
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ඉන්දීය සංචාරය සඳහා මෙම මස දෙවන භාගයේදී දෙපාර්ශවයටම පහසු දිනයක් යොදා ගැනීමට මෙහිදී එකඟ විය.
— India in Sri Lanka (@IndiainSL) March 8, 2022
දැනට සාකච්ඡාවෙමින් පවතින ඩොලර් බිලියනක ඉන්දීය ණය සහනය පදනම් කරගෙන උක්ත අවසන් සාකච්ඡා පැවැත්වෙනු ඇත.
ඉන්දීය ණය සහනය ලබා දීම සඳහා ඉදිරි නිශ්ඡිත ආර්ථික වැඩපිළිවෙළක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් මුදල් අමාත්‍යවරයාගේ ඉන්දීය ගමන අවස්ථා දෙකක දී කල් දැමීමට සිදු විය.