ශ්රි ලංකා ක්රිකට් ක්රීඩකයන් වන කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්රනාන්දු ගමන් ගත මෝටර් රථය අද අළුයම අනතුරට ලක් වීමෙන් පාපැදියක ගමන් කරමින් සිටි පුද්ගලයකු මිය ගොස් ඇති බව වාර්තා වේ පානදුර පරණ ගාලු පාරේ හොරේතුඩුව ප්රදේශයේදී මෙම අනතුරට ලක්ව ඇත්තේ කුසල් මෙන්ඩිස් විසින් පදවාගෙන එන ලද රේන්ජ් රෝවර් වර්ගයේ ජීප් රථයකි.
කොළඹ පැවැති මංගල උත්සවයකට සහභාගී අළුයම වී යළි නිවස බලා මෙම ක්රීඩකයන් පැමිණ ඇති අතර පාපැදිකරු පානදුර සිට මොරටුව දෙසට තමන්ට නියමිත පැත්තෙන් (මාර්ගයේ දකුණු පැත්තෙන්) පාපැදියේ ගමන් කරමින් සිටි බව පොලීස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 64ක් පානදුර උතුර ප්රදේශයේ පදිංචි පෞද්ගලික බස් කොන්දොස්තරවරයකු ලෙස තාවකාලික රැකියාවක නිරත පුද්ගලයකු බව අනාවරණය වී තිබේ. මේ වනවිට කුසල් මෙන්ඩිස් අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් පසුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ඔහුගෙන් මත්පැන් ගඳ වහනය නොවුනද බීමතින් රිය පදවා ඇත්දැයි පරීක්ෂා කිරීමට රුධිර සාම්පල් රැගෙන තිබේ.