සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 මාධ්‍යවේදින් 05 දෙනෙක් ඝාතනය කරමින් ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරය!

by editor
අගෝස්තු 25, 2025 - Updated on අගෝස්තු 26, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

දකුණු ගාසා තීරයේ නසාර් රෝහලට එල්ල වූ මාරාන්තික ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් මාධ්‍යවේදීන් පස් දෙනෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගියේය. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටින්නන් එය දැනට පවතින ගැටුමේදී මාධ්‍ය සේවකයින්ට එල්ල වූ මාරාන්තිකම ප්‍රහාරයක් ලෙස හඳුන්වා තිබේ. යුද්ධයේ මානුෂීය අර්බුදයෙන් දැනටමත් යටපත් වී ඇති පහසුකමකට එල්ල වූ ප්‍රහාරය ගෝලීය කෝපයක් ඇති කර ඇති අතර වගවීම සඳහා නැවත ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

ප්‍රහාරය රළ දෙකකින් පැමිණි බව සාක්ෂිකරුවෝ සහ සෞඛ්‍ය නිලධාරීහු වාර්තා කළහ. පළමු මිසයිලය රෝහලේ සිව්වන මහලට පහර දුන්නේය.  කාර්ය මණ්ඩලය, රෝගීන් සහ මාධ්‍යවේදීහු යුහුසුළු වූහ.  තවත්  මිනිත්තු කිහිපයකට පසු, දෙවන මිසයිලයක් එල්ල විය. ව්‍යසනය වාර්තා කිරීමට පැමිණි මාධ්‍යවේදීන් ද රොහලේ ඇති වූ මාරක තත්ත්වය සමහන් කරගැනීම සඳහා සහය වීමට රැස්ව සිටි බොහෝ දෙනෙකුද ඒ ප්‍රහාරයෙන් මිය ගියේය.

ඊශ්‍රායල හමුදා පසුව කීවේ තමන්  සිවිල් සහ මාධ්‍යවේදීන්ට සිදු වූ හානි පිළිගන්නා බවය. නමුත් හිතාමතාම    මාධ්‍යවේදීන් ඉලක්ක නොකළ බවය. සිද්ධිය පිළිබඳව   පරීක්ෂණයක් සිදුවෙමින් පවතින බව ඊශ්‍රායල හමුදාව පැවසීය.

අහිමි වූ මාධ්‍ය වේදීන්

මියගිය පස් දෙනාගේ අනන්‍යතාවයන් මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව තහවුරු කළේය:

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

  • ඇසෝසියේටඩ් ප්‍රෙස් සමග සම්බන්ධ වූ නිදහස් ඡායාරූප මාධ්‍යවේදියෙකු වන 33 හැවිරිදි මරියම් අබු ඩක්කා.
  • අල් ජසීරා සමඟ ඡායාරූප ශිල්පියෙකු වන මොහොමඩ් සලාමා.
  • රොයිටර් පුවත් සේවය වෙත කොන්ත්‍රාත් පදනම මත සේවය කරන කැමරා ශිල්පියෙකු වන හුසාම් අල්-මස්රි.
  • බහු මාධ්‍ය ආයතන සමඟ සේවය කරන නිදහස් මාධ්‍යවේදියෙකු වන මෝස් අබු ටහා.
  • මිඩ්ලීස්ට් අයි සමඟ අනුබද්ධ අහමඩ් අබු අසීස්.

 

රොයිටර් පුවත් සේවය වෙත කොන්ත්‍රාත් පදනම මත සේවය කරන   හතෙම් කලීඩ්   ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබීය.

ඔවුන්ගේ මරණ තැතිගන්වන සුළුය. වීඩියෝ දර්ශනවල මාධ්‍යවේදීන්ගේ කබා සුන්බුන් අතර විසිරී ඇති ආකාරය පෙන්නුම් කෙරිනි. දුම සහ සුන්බුන් අතර විපතට පත් වූවන් සොයමින් සිටින මිනිසුන් පෙනුණි. එක තැනක වැඩිම මාධ්‍යවේදීන් ගණනක් මිය ගියේ අද ය.    යුද්ධය ආරම්භ වූ දා සිට, පලස්තීන මාධ්‍යවේදීන් 190 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව CPJ වාර්තා කරයි, දේශීය මාධ්‍ය සංගම් සහ අල් ජසීරා ඇස්තමේන්තු කර ඇත්තේ එම සංඛ්‍යාව 200 ඉක්මවන බවයි.

 ගෝලීය ප්‍රතිචාරය

ප්‍රහාරය නිදහස් මාධ්‍ය කණ්ඩායම්  සහ මාධ්‍ය සංවිධාන  ඒ ආරංචිය ලද පළමු මොහොතේ සිට දැඩිව හෙළා දකිමින් මිය ගිය මාධ්‍ය සගයින් වෙනුවෙන් පෙනී සිටියේය.

අල් ජසීරා එහි ඡායාරූප ශිල්පියාගේ මරණය “සත්‍යය වළලා දැමීමට” ගත් උත්සාහයක් ලෙසත් ගාසාවේ වාර්තාකරුවන් නිහඬ කිරීමේ පුළුල් රටාවක කොටසක් ලෙසත් හැඳින්වීය.

මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීමේ කමිටුව යුක්තිය ඉල්ලා සිටි අතර, ප්‍රකාශ කළේ  මෙම ඝාතන දැන් අවසන් විය යුතු බවය. අපරාධකරුවන්ට තවදුරටත් දඬුවම් නොලබා ක්‍රියා කිරීමට ඉඩ නොදිය යුතුය බව එම කමිටුව අවධාරණය කළේය.

දේශසීමා නොමැති වාර්තාකරුවන් සහ විදේශ මාධ්‍ය සංගමය ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටි අතර, මාධ්‍යවේදීන් ජාත්‍යන්තර නීතිය යටතේ ආරක්ෂා කළ යුතු බව අවධාරණය කළේය.

ආණ්ඩු කිහිපයක් අනතුරු ඇඟවීමක් ප්‍රකාශ කළ අතර, මානව හිමිකම් කණ්ඩායම් පැවසුවේ මෙම ප්‍රහාර ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරිමක් බවය.

එය වැදගත් වන්නේ ඇයි

විදේශීය මාධ්‍ය ඇතුළුවීම සීමා කර ඇති ගාසාවේ  ගැටුමෙහි යථාව ලෝකයට පෙන්වා දෙන එකම අක්ෂි පථය මාධ්‍ය වේදින්ගෙන් ආවරණය වන්නේය. දැවැන්ත පුද්ගලික අවදානමක් ගෙන කරන ඔවුන්ගේ කාර්යයන් සිවිල් වැසියන්ට සිද්ධවන යුද්ධයේ හානිය වාර්තා කර තබන්නේය. එක් ප්‍රහාරයකින් පමණක් මාධ්‍යවේදීන්  පස් දෙනෙකු ඝාතනය කිරීමෙන්, නසාර් රෝහල් ප්‍රහාරය ගාසා තීරයේ මානුෂීය ඛේදවාචකය ගැඹුරු කළා පමණක් නොව, මාධ්‍ය නිදහසේ හදවතට ද පහර දී ඇති බව දැන් ලෝකයට පෙනෙන්නේය.

සාක්ෂිකරුවන්ට එරෙහි යුද්ධයක්‍

බොහෝ දෙනෙකුට, ප්‍රහාරය තවත් බෝම්බ ප්‍රහාරයකට වඩා සංකේතාත්මක ගැඹුරක් දනවා ඇත.  . සිදුවන්නේ කුමක්ද යන්න ලොවට පැවසීමේ කාර්යයේ යෙදී සිටි අයට එය ඍජු ප්‍රහාරයකි.

දිවි ගලවා ගත් අය සුන්බුන් අතර සගයන් සොයමින් සිටියදී, එක් මාධ්‍යවේදියෙක් තත්ත්වය කෙලින්ම ප්‍රකාශ කළේය.

“ඔවුන් ගාසා තීරයේ හඬ ගෙන යන අය මරා දමමින් නිහඬ කිරීමට උත්සාහ කරති.”. ඔහු කියන්නේ ශිෂ්ඨ යැයි සම්මත ලෝකයේ කුපාඩි අශික්ෂිත කමය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ට විශේෂ ආරක්ෂාවක්!

Next Post

හෙට රනිල්ගේ නඩුව අහන කොටුව මහේස්ත්‍රාත් අධිකරණ භූමිය වටලන්නට විපක්ෂය සූදානමින්…

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.