නිතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප පීරිස්ට විශේෂ ආරක්ෂාවක් ලබා දී ඇතැයි පොලිසිය පවසයි.
වත්මන් තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බව පොලිසිය පෙන්වා දෙයි.
අතිරේක සොලිසිටර් දිලීප පීරිස් පසුගිය වකවානුවේ ආන්දෝලනාත්ම නඩු කීපයක් වෙනුවෙන් නිතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කර තිබිණි. රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හේතු වුන නඩුවේත් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටියේත් දිලීප පීරිස්ය.







